(අංජුල මහික වීරරත්න)

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී ජනාධිපතිවරයා  ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති "විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය - 2022" සම්මාන උළෙල අමතමිනි.