(අංජුල මහික වීරරත්න)
ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි.
විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022" සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චිටයි පුතාලටයි ඩයස්පෝරාවේ මුදල් ආයෝජනය කරන්න පුලුවන් නම් අපිට බැරි ඇයි…?
ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට විශේෂයෙන්ම ශ්‍රී ලනකවට ජාතින් වසයෙන්, කලාපීය වසයෙන් ඉතාම වැදගත් මෙන්ම ලෝකයටද පැහැදිලි පණිවුඩයක් ලබාදීමට හැකිවේ. කුඩා රටක්වන ලංකාව දියුණු කිරීමට නම් සියලු ජාතින් ශ්‍රී ලාංකිකයන් වසයෙන් එක්විය යුතුවේ. දේශපාලකයන් බලයට , ධනයට සහ තනතුරුවලට බෙදී වෙන්වී සිටියද සියල්ල තාවකාලික බවද අමතක නොකලයුතුවේ.
බුද්ධිමත් තීරණයක්......!! ඩයස්පෝරාව ගැන වැරදි විදියට හිතුවට ඔවුන් බොහොමයක් අද යුරෝපා රටවල කෝටිපති ව්‍යාපාරිකයෝය...! ඔවුන්ගේ දරුවෝ බොහෝ උගතුන් පමණක් නොව මහපරිමානයේ ආයෝජකයින් අතරද සිටිති. මෙන්න කිහිප දෙනෙක්... ලයික මොබයිල්,,, ලිබාර මොබයිල්,,, වෙස්ටන් යුනියන් මුදල් හුවමාරුව..! ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනවා කියන්නේ රට ගොඩ..!
අරමුණ අවංක නොවේ; සදාචාරාත්මක නොවේ!
කෝ දැන් අර අරගලකරුවන්ට සවන් දෙන්න පත්කරපු නිලධාරියා..?
දෙමළ මිනිස්සුන්ටත් ඕන කරලා තිබුනේ ඔය ටික තමයි. යුද්දේ දිනන්න බැරුව උතුර නැගෙනහිර ප්‍රබාකරන්ට දෙන්න ගිය මේ ගොයියා දැන් ඩොලර් ගෙන්වා ගන්න රටෙන් කෑල්ලක් දෙනවා ෂුවර්. හැබැයි ඕකට විරුද්ධ වෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. සජියා අනුරයා අත්දෙකම උස්සලා කකුලකුත් උස්සාවී. ඉතුරු ටික හම්බයින්ට දෙනවා. ISGA ගිවිසුම ක්‍රීයාත්මක වේවිද?
දෙමළ මිනිස්සු දෙකොනින්ම හිනා වෙනවා ඇති. අපි නැතුව සිංහලයාට රට ගොඩ ගන්න බැහැ කියලා. දැන් බලමු උන්ගේ ඉල්ලීම් මොනවාද කියලා.
දැන් ඖන ඔච්චරයි. ලංකාවට අඩුවෙලා තිබුනේ එකත් නිකන්ම දුන්නා.
කෝ මේ අරගල කාරයෝ.
කාලෝචිත මෙන්ම ඉතාමත් හොඳ තීරණයක්.
ඔය එක එක නැටි වල එල්ලිල හෙමදාම බලේ තියාගන්න ඔට්ටුවෙන නිසා තමා 2/3 , 69 ලක්ශයක් දුන්නෙ. එක කරගන්න බැරුව එක ආසනයක් වත් නැති කෙකෙකුට දුන්න දැන් බලෙ තියගන්න හෙම කන්ඩායමකටම ඉල්ලන ඔක්කොම දුන්න වගෙ රට ආපස්සට යනව.
අරගලෙන් හම්බඋන තෑගි තමා මෙව.... #GOTA GO HOME.......##
LATE සහාය ගත්ත එකාට ආයේ ඩයස් පෝරා කියන්නේ මොකද්ද. ලංකාව විකුණලා හරි කියයි ඕං මං රට දියුණු කරා කියලා ඒ වගේ හොදට පදම් උන නාකි බඩුවක් තමයි මෑන්.
අරගල කරුවන්ට ඇහුම්කන් දෙනවා කියල නේද මුලදී කිව්වේ.
ඔවුන් අරගල කළේ ඒ සඳහා ය. නිවට නියාලු අමනයින් ඔවුන්ගේ මුදලින් කෑ ගසා , රටම ගිනි තබා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර දෙන ලදි. වර්ථමාන පාලකයා එදා කළෙත් අද කරන්නෙත් කොටි හුරතල් කිරීමය. දැන් අපි කුමක් කරමුද ?
ඩයස්පෝරා කියල තියෙන්නේ මොන ඩයස්පොරාලද ? දෙමල ඩයස්පෝරා ලට නම් ලංකාව හදන්න ඕනේ නැහැ , ඒ ගොලොන්ට ඕනේ ඊළම විතරයි , එක කවදාවත් වෙනස් උනේ නැහැ , වෙන්නෙත් නැහැ , මෙයා කලින් පාරවල් වල ඔය වගේ පිස්සු නටන කොට ජනාදිපති කෙනෙක් හිටිය එලවල දාන්න , දැන් නං උඩින් කවුරුවත් නැති එක බයානකයි
ඔකට සින්ග්ලිශ් වලින් කියන්නෙ " අතීසාරය " කියල !
ගෝඨා ගෝ හෝම්... අපිට නෝ හෝම්... සැපද?
මම හිතන්නෙ නැහැ ඩයස්පෝරාව මෙගොලන්නගෙ උගුල් වලට අහු වෙන්න තරම් ආයෙ මොඩ වේයි කියල. ඩොලර් මිලියන ගානකට මෙගොල්ලො වැඩෙ දෙන්න යන්නෙ. ලංකාවෙ මිනිසුන්ටවත් ඩයස්රපෝරාවටවත් වෙන සෙතක් නම් නැහැ ආයෙ ඉතින් ශුවර්.
මේ වැඩේ අලියා රනිල් වික්‍රමසිංහ කළා නම්, මේ වනවිට විමල්, ගම්මන්පිල, වාසු, රතන,'ඥානසාරලා පාරට බැහැලා ලොකු සටනකට නිරත වෙලා ඇති. නමුත් පොහොට්ටුවේ රනිල් රාජපක්ෂ කරපු නිසා ඔවුන්ගේ කටට පෙලස්තරය අලවලා. ඔන්න දේශප්‍රේමීන්ගේ ප්‍රමිතිය.
ජනපතිතුමනි, හොඳ තීරණයක්. සෑම විටෙකම අයහපත් ලෙස නොව යහපත් ලෙස දකිමින් ක්‍රියා කළ යුතුය.
ඔය කොහෙවත් ඉන්න චීනුන්ට අවුරුදු 99ට වරාය දෙන්න පුළුවන් නම්, කාර්යාලයක් අදහාගන්න ඩයස්පොරාවට අනුමැතිය දීම සාධාරණයි...!
අරයා ගියේ රට බංකොළොත් කරලා මෙයා යන්නේ අපිට ඉන්න තියෙන බංකොළොත් රටත් විකුණලා අපිවත් අතුරුදහන් කරලා තමයි... ඔන්න මම ඇත්ත කිව්වා කිරිගහට ඇන්නා වගේ...
සිංහලයින් ඩයස්පෝරාව වෙන්න ඕනේ නැහැ රටින් පිට පුරවැසිකම ගත්ත බොහෝ සිංහලයින් ද්විත්ව පුරවැසියින්, මගේ ළමයි සියලුදෙනාම ද්විත්ව පුරවැසියෝ... බොහෝ සිංහල පිටරැටියන්ට ඔප්ෂන් එකක් තිබෙනවා. දෙමළාට ඒ ඔප්ෂන් එක නැහැ. ඔවුන් ඉන්න රටක් යුද්දෙක පටළුණොත් මුහුදට පනින්න තමයි වෙන්නේ...