
(ඩයනා උදයංගනී)
ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික ගීය මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලදී ද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දමිල භාෂාවලින් ගායනා කර තිබෙන බව ඇමතිවරයා කීය.
75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරනයක්. ජාතිවාදීන්ට දැන්නම් රිදෙයි.
ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීම ගැටලුවක් නැතිබව රටවැසියන් දනී, ජාතික ගීය දමිළ භාෂාවෙන් ද්‍රවිඩ පාසල් තුල සහ උතුරුන් නැගෙන හිර සහ upcountry උත්සව අවස්ත්වන්හිදී ගායනා කිරීමේ ගැටලුවක් නොමැත. එකම තේරුම තිබෙනාවූ ජාතික ගීය දමිළ භාෂාවෙන් හයනා කිරීමේ වරද කුමක්ද ? මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජපක්ෂලාගේ ගොලයකුව සිටියදී "ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නොමැතිබව එදා ප්‍රකාශ නොකර සිටියේ ඇයි ? මොවුන් ප්‍රතිපත්තියක් නොමැති දෙබිඩි දේශපාලකයන් බව සනාථ කිරීමට අවස්තවක්.
ආණ්ඩු මාරුවුනාට රාජ්‍යය වෙනස් වෙන්නේ නැහැ. සියලුම ජාතීන්ට පිළිගත හැකි එක ප්‍රතිපත්තියක් හැම දෙනාම අනුගමනය කළානම් සිදුවුන හුඟක් විනාශ නවත්ත ගන්න තිබුනා.
කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා කරගන්නවා කියන්නෙ ඕකට තමයි.
මොන රටේද ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නේ. ඇයි මේ ලංකාවේ විතරක් භාෂා දෙකකින් ම ඕන කියන්නේ.
යුද්ධෙන් පස්සේ අනාථයෝ හැටියට ගිහිල්ලා ඒ රටවල පුරවැසිකමත් අරගෙන දමිළ භාෂාව ලොව රටවල් 124ක කතා කරන භාෂාවකි අද දමිළ භාෂාව ! සිංහළ භාෂාව කතා කරන්නේ රට තුළම අතලොස්සකි! සමහර අයට ලැජ්ජය සිංහලෙන් කතාකරන්නට! ඒනිසා සිංහළ භාෂාව අද වඳවී යන තත්වයට කරුම උරුමයක් ලංකරගෙන ඇත! බලන්න පාර්ලිමේන්තුව තුළ සමහර විවාදවලදි ඉංග්‍රීසියෙන් කියවගන්නේ ..! ඊට අමතරව රූපවාහිනියේ දාන වෙළඳ දැන්වීම් කියවෙන භාෂාව..? සිංහල වචන අතරට ඉංග්‍රීසි වචන දාල වෙළඳ දැන්වීම් හදලා..! උතුරට යන්න ගිහිල්ලා බලන්න ...ඒ අය මොන බසින්ද පළමුව කතාව පටන්ගන්නේ කියලා !.... පළමුව දමිළ බසින්... ඉන්පසු තමයි පුළුවන් විදියට සිංහල හෝ ඉංග්‍රීසියෙන් කතාකරන්නේ හඳුනා ගත්තහම සිංහල හෝ විදේශ ජාතිකයෙක් කියලා! ඒවගේම බලන්න පාර්ලිමේන්තුව තුළ චතුර ලෙස වාද විවාදවලදි සිහළ බසින් කතාකරන අපේ මුස්ළිම් මන්ත්‍රීවරු.... ඒ අය රටටම ආඩම්බරයක්...! ඒකට කොළඹ..? කතාකරන්නෙම "සිංග්ලිෂ්" වලින් .... ඇහුවොත් ආවේගශීලීව කියයි හිතුවේ මට ඉංග්‍රීසියෙන් කතාකරන්න බැහැ කියලද..?? අපේ රටේ දෙමළ හා මුස්ළිම් අය නිතරම දමිළ බසින් තමයි කතාකරන්නේ ... ඒ නිසා ජාතික ගීය දමිළ බසින් ගැයීම ඉතා සුදුසුය.!!
කොයි රටේද භාෂා දෙකකින් ගායනා කරන්නේ...? මේක වැරැදි පූර්වා දර්ශයක්..
ඕක ඉංග්‍රීසියෙන් විතරක් කිව්වම මදිද?
" ලෙළ දෙන බස " පලකලාට ඩයනා උදයංගනීට මගේ ස්තුතිය!
තව ටික දවසකින් රේටින් 2/5 දෙමළන්ට දුන්නට වරදක් නැහැ කිව්වාම පුදුම වෙන්න දෙයක් නැහැ. මේ ගොයියා කතා කොරන්නේ කටින්ද නැතිනම්.....
හම්බ භාෂාවෙන් ජාතික ගීය කියන්න පුලුවන්ද? තීරණයක් නැහැ බොල ඒ කියලා තිබෙන්නේ ඒ දෙමළාගේ අදහස පමණයි.
හාමුදුරුවනේ සිංහලයාට කෙළවෙන තැනට රට ගෙනල්ලා.
සිංහලෙන් ජාතික කියන්න බැහැ කියන්නේ දෙමළාගේ ජාතිවාදය කියන එක තෙරුම් ගන්න බැරි සිංහලයින්ගේ ජාතියට සෙතක් වේවිද? මෙහෙව් සිංහලයි හුස්ම යනතුරු බෙල්ලෙන් එල්ලන්න කාලයක් කවදා ඒවිද? .
ඉන්දියාවේ ප්‍රාන්තවල ජාතික ගීය කියන්නේ එක එකාට ඕනේ භාෂාවලින්ද? තමිල්නාඩුවේ ඉන්දියානු ජාතික ගීය කියන්නේ දෙමළෙන්ද හලෝ. මොනවද ඔහේගේ බහුබූත කතා. මට පෙනෙන්නේ බඩගිනි උනානම් තණ කොල විතරක් නොවෙයි
ඊළඟ මැතිවරණයේදී දෙමළ ඡන්ද බලාපොරොත්තුවෙන් ගහන ගේමක්.මොනව වුණත් ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීම කිසිම වරදක් නැහැ.
ආයෙමත් පරණ සෙල්ලම් පටන්ගන්න වගේ යන්නෙ. මෙය ශුභදායී දෙයක් නෙමෙයි . එකරටකට තිබිය යුතු එක භාශාවකින් ගායනා කරන එක ජාතික ගීයක් පමණයි .
සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ මේ සියලුම ජාතීන් ශ්‍රී ලාංකිකයින්...ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම සන්තෝසෙන් ජීවත් විය යුතුයි...ඒ නිසා ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීම ඉතාමත්ම සුදුසුයි...
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමේ ඇති වරදක් නැහැ. ගීතයෙන් කියවෙන දේ අඩුම තරමින් දෙමළ ජනතාවට තේරුම් ගන්ඩ පුලුවන්. ලන්කාවේ අය හින්දි සින්දු අහනවා, ගායනා කරනවා. තනුවලට පදමාලා හදනවා. කොපි කරනවා. වචනවල තේරුම් වත් හරියට දන්නවා ද.
ගීත දෙකේම තියෙන්නේ එකම අර්ථයයි. "ශ්‍රි ලංකා තායෙ" කියන්නෙ ශ්‍රි ලංකා මාතා කියන අර්ථයයි. නැතොත් "ඊලම් තායේ"නොවේ. කාටත් මේ රට අයිතියි. තමන්ගේ මව් භාෂාවෙන් ජාතික ගීය ගයද්දි හිතට දැනෙනවා ගැම්මක්. දෙමළ අය තවත් රටක් ඉල්ලනවා කියලා චොදනා කරන්නේ කොහොමද? දෙමල මුස්ලිම් ළමයිටත් මේක තමන්ගෙත් රට කියලා දැනෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ රටේ අගය තමන්ට තේරෙන භාෂාවෙන් ගයන්න කාටත් අයිතිය තියනවා. "එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැරදා නමෝ නමෝ මාතා අප ශ්‍රී... ලංකා.. නමෝ නමෝ නමෝ නමෝ මාතා "