ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමුවෙති විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය. 26 March 2022
රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය දිවි රඟමඩලින් බැස යයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 26 March 2022
පළාත් කීපයකට අද සවස වැසි උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (26) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 March 2022
කෝටි 5ක කළුවර සංස්ථාවේ දිරයි රාජ්‍ය දැව සංස්ථාවට අයත් බූස්ස දැව ගබඩාවේ රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කළුවර දැව කඳන් තොගයක් (ඩෙ.මී 225,994) දිරාපත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ. 26 March 2022
අයි.ඕ.සී තෙල් මිල යළි ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත. 25 March 2022
ජපානයෙන් මෙරටට සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට ජපානයෙන් සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ අද (25) ප්රදානය කළේය. 25 March 2022
චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 2000ක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වටිනා සහල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. 25 March 2022
පණ්ඩු අතුළු පස්දෙනා රිමාන්ඩ් ගජමුතු ගණුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු 5 දෙනා ලබන 7 දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අම්පාර මහේස්ත්‍රාත්වරයා නියම කලේය. 25 March 2022
පන්දම් දල්වන් සජබෙ මහබාගෙදී විරෝධතායේ ආණ්ඩුවේ පීඩනයෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් රාගම මහබාගේ මංසන්දියේදී අද (25) පැවැත්විණි. 25 March 2022
කොවිඩ් ආසාදිතයන් 234ක් කොවිඩ් ආසාදිතයින් තව 234 ක් අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 25 March 2022
පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 25 March 2022
ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කරයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24) පස්වරු 5.20ට පමණ කක්ෂගත කළ බව එම මධ්‍යස්ථානය පවසයි. 25 March 2022
පණ්ඩු බණ්ඩාරනායක එස්.ටි.එෆ් අත්අඩංගුවට රුපියල් කෝටියකට ගජමුතු තුනක් අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුලු පස් දෙනකු අම්පාර නගරයේ දී අද (25) දහවල් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 25 March 2022
කොවිඩ් මරණ 2ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (24) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 March 2022
අධිභාර පනත ලබන 7 වෙනිදා විවාදයට අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය විය. 25 March 2022
’’ප්‍රශ්නවලට විසඳුම් දෙන තුරු සත්යග්රහ ව්‍යාපාර පවත්වනවා’’ ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තුරු සත්යග්රහ ව්‍යාපාර පවත්වමින් ජනතා දුක ආණ්ඩුවට කියන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එජාප සත්‍යග්‍රහයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. 25 March 2022
විමල් මැතිසබයට ඇවිත් නෑ විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැතැයි වාර්තා වේ. 25 March 2022
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16කට ඇප පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 16 දෙනකු වසර දෙකහමාරකට පසු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව එක් අයකුට රුපියල් කෝටි දෙකක ශරිර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (25) නියෝග කළේය. 25 March 2022
යුක්රේන යෝජනා එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී සම්මත වෙයි යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. 25 March 2022
’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී ’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්වරුන් ඇතුළු එජාප නායකයන් කොළඹ හයිඩ් පිටියට පැමිණීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි. 25 March 2022
හෙටත් පැය 5 ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසීය. 25 March 2022
මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය. 25 March 2022
සිදු වූ වරද රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගනී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුවේ චෝදනාවට ශ්රේෂ්ඨාධිණය හමුවේ මීට සුළු මොහොතකට පෙර වරද පිළිගත්තේය. 25 March 2022
වාර්තා ගත ලෙස රත්තරන් මිල ඉහළට ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 25 March 2022
අත්‍යවශ්‍ය භාණ්ඩ -සේවා මිල ඉහළ දැමීමට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක් ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 25 March 2022
ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය කල්යයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වීමට තිබු නමුත් එය ලබන 28 වැනිදා තෙක් කල් දැමුණි. 25 March 2022
‘ආයෝජන බැංකුවේ කෝටි 7ක් පිල්ලි ගිහින්‘ විවිධ තරාතිරම්වල පුද්ගලයන් 46 දෙනකු ව්‍යාජ ලේඛන සකස් කර රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න ණය මුදල් ලබාගෙන වංචාකර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය. 25 March 2022
’’කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම්’’ සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශකිරීමට සූදානම් බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේය. 25 March 2022
පැය 10 ක අඳුරට හුරු වෙමු ? විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 March 2022
ඉන්ධන නැව දින 11 කට පසු නිදහස් කරගනී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දින 11 ක් නවතා තිබූ ඉන්ධන නෞකාව ඩොලර් මිලියන 42 ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026