අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය.
අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි.
අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරය පුරප්පාඩු විය.
ඒ අනුව හේමරතන නා හිමියන් නොවැම්බර් 11 වැනි දා නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගිහියො හාමුදුරුවෝ තේරීම කරන්නෙ හරිනම් කරන්න ඕන නිකායේ නායක හාමුදුරුවෝ තමයි.
බාල වයස් දරුවෙක් එක්ක මුල්ලක ඉඳලා අහු උනේ මේ චීවර දාරියා .දැන් අටමස්තානාධිපති ?
සාධාරණ තේරීමක්-සැමට තෙරුවන් සරණයි!.
රුවන්වැලි සෑයට වගේම අනෙක් අටමස්තානයන්ට දෙයියන්නේ පිහිටයි.
This was come from tradition, Nuwara wawa Dissawa was nominate Sanga nayaka for Atamasthana on behalf of king. Now this duty is doing by Committee and it is correct procedure.
මේ පත්වීම නිවැරදි.ඒත් ගිහියෝ කොහොමද මේවා කරන්නේ?ඒක විනය ගැන ප්‍රශ්නයක්.මේවාට තේරිය යුත්තේ භික්ෂුන් වහන්සේලා විසිනුයි .ගිහියන්ට කොහෙත්ම අවසරයක් නෑ ඒක කරන්න.ඒ අතරම අටමස්ථාන පන්සල් වලින් ථුපාරාමය ,ලංකාරාමය හැරුණු කොට අනිත් එක පන්සලක්වත් අවට ගම්වල ආගමික කටයුතු කරන්නේ නෑ .ඒක සහමුලින්ම වැරදි දෙයක් .මේ වැරැද්ද නිවැරදි කරන ලෙසට නායක හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා
කලින් එක්කෙනාගෙ පව්ල් හතර නඩත්තු කරන්නෙ කව්ද දැන්