IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉම්රාන් ඛාන්ට වෙඩි

(විමුක්ති රුද්‍රිගු)

පාකිස්තානයේ ගුජ්රන්වාලා  හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ  හිටපු අග්‍රාමාත්‍ය   ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ.

පාදයට වෙඩි වැදීම හේතුවෙන් ලාහෝර් නගරයේ පිහිටි රෝහලක් වෙත ඉම්රාන් ඛාන් රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව තාරික් ඊ. ඉන්සාෆ් පක්ෂය තහවුරු කර ඇත.

පාකිස්තාන පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම සැකකරු ඉම්රාන් ඛාන් ජනතාව නොමග යැවීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමට පැමිණි බව  පාපොච්චාරණය කර තිබේ.

ඉම්රාන් ඛාන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේදී සෙනෙට් සභාවේ සාමාජික ෆයිසාල් ජාවෙඩ්ගේ මුහුණේ ගෑවීගෙන උණ්ඩයක් ගමන් කර ඇති අතර තවත් පක්ෂ සාමාජිකයෙක් වෙඩි වැදීමෙන් මිය ගිය බව පාකිස්තාන මාධ්‍ය පැවසුවේය.

ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දාම් බග්චි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.එසේම පකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ද ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දැක තිබේ.



අදහස් (11)

ඉම්රාන් ඛාන්ට වෙඩි

de silva Thursday, 03 November 2022 10:46 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දේශපාලනය කුමක් වුවත් ලංකාවේ අපට ඉතින් හිතවත් මනුස්සයෙක්.

:       0       50

nihal Friday, 04 November 2022 01:04 AM

මේ වගේ පුද්ගලයෝ ලංකාවෙත් බිහිවේවා කියා පතමි.

:       32       9

Prabha Friday, 04 November 2022 02:20 AM

පිත්තල හන්දියේද?

:       17       4

Bamunuarachchi Friday, 04 November 2022 07:12 AM

ඉම්රාන් ඛාන් මහත්මයා බමුණුආරච්චි අලි භූතෝට සිදුවූ දෙය ඔඅබටත් සිද්දවීමට හැකි බව බොහොම ඉස්සර කීවා. අපේ ගොබ්බ සිංහලයින් නිසා සිංහල ජාතියටත් හමබ්යින්ගෙන් ඔය දේම සිද්ද වෙනවා ෂුවර්.

:       12       25

අනස් අදහන් Friday, 04 November 2022 10:23 AM

Bamunuarachchi නමින් කමෙන්ට්ස් කරන පුද්ගලයා දැඩි මානසික රෝගියෙක් බවට නම් පැහැදිලියි.

:       17       13

BamunuarachchiSaturday, 05 November 2022 07:02 AM

ඒ බව ඔබට ලැබුන ඩිසලක්ස් හා මගේ අදහසට ලැබුන ලයික්ස් වලින් පැහැදිලි දිලිවෙනවා. ඒ කතාව පැත්තකින් තියාලා මම වැරදී කියන්න කරුණු සාධක ඉදිරිපත් කරන්න. විය යුත්තේ එයයි. මම කරුණු ඉදිරපත් කරන්නේ ඔබලාගේ කොරානයේ තිබෙන කරුණු පෙන්වලා.

:       7       2

fairoosSunday, 06 November 2022 02:19 PM

ලයික්, ඩිස්ලයික් දාන වැඩේ අරක්කු බෝතලයටයි, බත්පැකට් එකටයි කරගන්න පුළුවන්...

:       1       4

sharm warn Friday, 04 November 2022 04:47 PM

ඒ වෙඩික්කරුට මෙහෙ එන්න කියන්න බැරිද?

:       3       7

BamunuarachchiSunday, 06 November 2022 07:39 AM

ගෙදර එක්කෙනාට තනියට තියා ගන්නද?

:       1       0

sharm warnTuesday, 08 November 2022 03:38 PM

අනෙ බමුනො. . ඔහෙට ඔන නම් ඔහෙගෙ ගෙදර එක්කෙනාගෙ තනියට තියා ගන්නකො. . අපිට කිසිම ප්‍රශන්යක් නැහැ.. ඔහෙ වගෙ වලත්ත බුරුවො නිසා තමයි මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ..

:       0       0

sharm warnTuesday, 08 November 2022 05:08 PM

කතුතුමා, මෙතන අදහස් පල කරන ඒ්වට ඔබෙ අවධානය යොමු වෙන්නෙ නැද්ද? රටෙ ප්‍රශ්න ගැන කතා කරන ඒ්වට පුද්ගලිකව පහර ගහන මෙ බමුනුආරච්චි කියන නිර්නාමිකයගෙ කොමෙන්ට් වලට ඔබ ලොකු තැනක් දෙන්නෙ ඔහු/ ඇය ඔබ දන්න කෙනෙක් නිසාද? මෙ වගෙ පහත් අදහසක් මෙහි පල කිරිමෙන් වලක්වන්න ඔබට වගකිමක් නැද්ද? මා විසින් මිට පෙර මෙ පුද්ගලයට එරෙහිව කියු කිසිවක් ඔබ පල කලේ නැති අතර මෙ අසික්කිත කතාව කිසි හිරිකිතයකින් තොරව මෙහි පල කිරිමෙන් ඔබෙ ආයතනයෙන් පත් කල කෙනෙකු බව ඔප්පු නොවන්නේද? කරුනා කර මෙ නින්දිත පුද්ගලයගෙ සක්කිලි කතාව ඉවත් කරන්න කටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site