(යොහාන් භාසුර)
ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොමැති වීමෙන් දින 44 ක පමණ කාලයක් බොරතෙල් මෙටි්‍රක්ටොන් 99,000 ක් සහිත නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බවත් ඒ සඳහා ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් ලක්‍ෂ 66ක් හෙවත් රුපියල් කෝටි 250 කට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බව කී ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයකු කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වේ වෙද්දී මේ ඉන්ධන නැ්ව් වලට විතරක් ගෙවපු ප්‍රමාද ගාස්තු එකතු කළොත් තෙලුත් එක්කම නැව් 10 ක් විතර ගන්න පුළුවන් වෙන්න තිබුණා. කාගේ ඕනෑමකට ද මේ අපරාධය කරන්නේ. නැත්තට නැතිවෙලා තියෙද්දි තවත් කාබාසිනියා කරනවා.
හොරා කාපු සල්ලි වලින් මයිනෝ ටික ගෙවයි.