(නිමල කොඩිතුවක්කු)
විරුද්ධ පක්ෂයේ සියලු කණ්ඩායම් එකට එක් වී ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුවේ දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට සහයෝගය නොදුන් බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
ඔවුන් තමන්ගේ ඉත්තන් යොදා විරෝධතාවය කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහය සහ ඇතැම් මාධ්‍ය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
ජනතාව යටපත් කර ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඔවුන් කුමන උත්සාහයක් දැරුවත් ඉදිරියේදී තව තවත් ජනතාව සමග එක්ව මර්දනයට එරෙහිව කටයුතු කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවව වඩා ජනතාවට ඔබතුමාලා ඇතුළු බොරු විප්ලවකාරයෝ, අරගලකාරයෝ එපා වෙලා ඉන්නේ. ඊයේ පවතී විරෝධයේ දී වී. නා. ස. ප්‍රේමදාස මහතා පිටින් ගියේ එම එපාවීම තමයි.
ඕගොල්ලෝ දැන් ඉන්නේ විපක්ෂෙ උනාට කලින් හිටියෙ ආණ්ඩුවේ කියල අමතකද. මහ බැංකුව එහෙම කැඩුවෙ ඕගොල්ලො හිටපු ආණ්ඩුව තමයි. මිනිස්සු අන්දන්න පාරට බහින්න පුලුවන්ද එතකොට.
මයික් එකක් දැක්කම දෙන්න තියෙන පොර ටෝක් ඔක්කොම.දෙනවා.වෙන්න ජනාධිපති ඇන්දෙනවා.වැඩේට ගියාම හානවා.අන්තිමේ හූ හඩත් අහගෙන ගිහිල්ලා බයිලා ගහන්වා.
මර්දනයට විරුැද්ධව ගන්න පියවරක් අවශ්‍ය නැත. ඊයේ නියමෙට කාපු හූ සංග්‍රයට වහාම පියවරක් ගත්තේ නැත්නම් , පාරේ යන්නත් බැරිවෙයි. ඔහොම යන්. හිටන් වගේ ගෙදර හිටියනම් ඉවරයිනේ.
බල්ලෝත් එක්ක ලැග්ගානම් බලු මැක්කෝ වහනවාමයි .දැන් ඉතින් කෑ මොර ගහල වැඩක් නැහැ , කාට හරි කියල බෙහෙතක් කරගන්න .
කියන්න බැහැ හූ කියල එලෙව්ව ආයෙත් ආවොත් ගුටිකාල තමයි යන්න වෙයිද
මේ ලේකමෝ මෝල් කතා කියන්න එපාබං උඹලා ආණ්ඩුව පිහිටුවා ගත්තොත් ඔහොම වෙනවා එතකොට මොකද කරන්නෙ .ජනතාව ගොනාට අන්දවන්න එපා.කොයි ආණ්ඩුව කරන්නෙත් ජනතාව අතර ගැටුම් ඇතිකර ප්‍රශ්න මගහැරීම තමයි ගැටුම් කළමනාකරණය කියන්නෙ පාලන පහසුව සදහා කරන උපක්‍රමයක් තමයි අවුරුදු 75 ක් තිස්සේ තිබුනු තත්වයෙන් රට මෙතරම් ප්‍රපාතයට වැටුණේ එනිසාම තමයි එනිසා දැන්වත් බලයේ සිටින අයගේ කකුලෙන් අදින්නෙ නැතුව රට හදන්න සැබෑම උවමනාවක් තියෙනවා නම් මේ වෙලාවෙ කරන්න ඕන රට වැටීසිටින ප්‍රපාතයෙන් ගොඩගන්න උදව්කිරීමයි.
පලයන් බන් යන්න උඹලගේ මහා උන්දැගේ තාත්තා 1989 ජේවීපී එක මර්දනය කලේ කොහොමද?