(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ(03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පෙරේදා (02) එම තරුණයා උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත.
එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.
එදින දහවලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඳුරු උණ රෝගියෙක් මෙරටින් හමු වෙයි
නිහාල් Friday, 04 November 2022 11:03 AM
උද්ඝෝෂණ පෙලපාලි නවත්වන්න හොඳම ක්‍රමය...
lankarama UAEFriday, 04 November 2022 02:48 PM
ඉතා භයානක රෝගයක් විහිළුවට දේශපාලනයට ගන්නට එපා. වේගයෙන් පැතිරෙන්න පුළුවන්... බුදු සරණයි...!
සුරංග Friday, 04 November 2022 11:31 AM
එහෙනම් ඉතින් ලංකාව ස්වයංපෝෂිත රටක් කියන්න බැරිද? ඉක්මනින් රටපුරා බෙදාහරින්න..
sampath Friday, 04 November 2022 10:26 PM
අපිට අඩුවකට තිබුණෙ එච්චරයි. දැන් අඩුම ගානේ කවුරු හරි කියනවද මේකෙන් ආරක්ෂා වෙන විදිය.
චන්දිම Saturday, 05 November 2022 07:27 AM
අපේ පැත්තේ ටවුමට කිට්ටු කරලත් හරියට වඳුරෝ ඉන්නවා. බැරි වෙලාවත් උන්ට මේක බෝ උනොත් මොන වින්නැහියක් වෙයිද මන්දා.