(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමන් සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනුකර ඇති පෙත්සම ලබන වසරේ මාර්තු දෙවැනි දින සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර,ඒ.එච්.එම්.සී නවාස් සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් විනය කමිටුව විසින් තමන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කළ බවද පෙත්සමේ සඳහන් වේ.
එබැවින් තමන් පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය බල ශුන්‍ය බව ප්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ කිර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් කියන්නේ ගාලුමුවදොරට ගෙනල්ලා එල්ලලා දාන්න කියලා.