(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගනිමින් එම පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, ජනග් ද සිල්වා සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.