ඕමාන ණය ආධාර යටතේ ගෑස් ටොන් 3500 ක් එයි ඕමාන රජයේ ණය ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් සහිත නෞකාවේ ගෑස් ගොඩබෑම අද (27) පස්වරුවේ ආරම්භ කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 27 March 2022
නොවැස්සොත් දින 20 ජල විදුලිය අවසන්? විදුලි ජනනය සඳහා ජලාශවල ජලය ඇත්තේ තවත් දින 20කට තරම් ප්‍රමාණයකැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. 27 March 2022
‘අයි.එම්.එෆ් ශ්‍රී ලංකාව ගැන නිකුත් කළ වාර්තාව ගැන විවාදයක් ඉල්ලයි‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබෙි. 27 March 2022
‘ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙදරකින් හැකි නම් වතුර වීදුරුවක් ගෙනත් දෙන්න‘ මහා සංඝරත්න අභයාරායේදී ලබන 31 වැනිදා රැස්වී රජය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව පැවදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ පැවසූහ. 27 March 2022
‘ළඟදීම ජනතාවට සහන මල්ලක්‘ පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 27 March 2022
ඇමැති රියදුරු ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට පිළියන්දල, ගම්මානවත්ත ප්‍රදේශයේ දී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතන කිරීමේ සිද්ධිය තවත් සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2022
‘කොළඹ මහ නගර සභාව හිතුමතේ වැඩ කරලා‘ කොළඹ මහ නගර සභාව වාර්ෂික අයවැයට සමගාමීව නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුමත කර ගැනීමෙන් තොරව යම් යම් නිලධාරීන්ට වුවමනා පරිදි කටයුතු කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් එහි ප්‍රධානීන්ට නොසතුට පළ කළ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා) සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය. 27 March 2022
රන් පවුමක් රුපියල් 165,000 පනී ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් හෙට (28) වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 27 March 2022
මත්ද්‍රව්‍ය ජාවාරම් කර රටින් පළාගිය 132 කට ජාත්‍යන්තර රතු නිවේදන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ වැරදි සිදුකර ශ්‍රි ලංකාවෙන් පලාගිය පුද්ගලයන් 132 අධික පිරිසකට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 27 March 2022
‘රනිල්ට රට නොදුන්නොත් රැකියා රැසක් අනතුරේ‘ රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනමින් රට බාර නොදුන්නොත් තව මාස දෙක තුනක් ඇතුළත ක්ෂෙත්ර ගණනාවක රැකියා රැසක් අනතුරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 27 March 2022
විදුලි බලාගාර තුනක වැඩ අරඹයි කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාරයන්ට ඉන්ධන මෙටි්රක්ටොන් 6,000 කට ආසන්න ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 March 2022
කලකිරුණු මැති-ඇමැතිවරු වෙනම බලවේගයක් හදන්න යයි ? ආණ්ඩුව සමග කලකිරී සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම බලවේගයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 March 2022
කළාප අටකට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව අද (27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 27 March 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්න කමිටුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 27 March 2022
බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙන යන්න හැදූ අය දැලේ ජීව අත්බෝම්බයක් හෙරොයින් මත්කුඩු ළග තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින ‘මොරටුවේ ජැක්කා‘ නමැත්තා ට ලබාදීම සඳහා රැගෙන පැමිණි ජංගම දුරකථන දෙකක් ඇතුළත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 27 March 2022
පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 27 March 2022
ශාඛ-සත්ව කොටස් සමඟ ජර්මන් ජාතිකයින් දෙදෙනකු දැලේ සිංහරාජ රක්ෂිතයේ සත්ව හා ශාඛ කොටස් ඇතුළු වෙරළබඩ තීරයේ ජීවත්වන මුහුදු සත්වයින් අල්ලා හොර රහසේ ජර්මිනියට රැගෙන යාමේ ජාවාරමක නිරතවූ බව කියන ජර්මන් ජාතිකයන් දෙදෙනෙකු අද (27) දෙණියාය ,විහාරහේන කුරුලුගල ප්‍රදේශයේ දී සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් දෙණියාය පොලීසියේ සහයෝගය ඇතිව අත් අඩංගුවට ගනු ලැබූහ . 27 March 2022
16 හැවිරිදි දරුවා පැහැරගත් අඹු-සැමි යුවළ මාට්ටු උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි වයස අවුරුදු 16 ක පිරිමි දරුවෙකු වේයන්ගොඩ නගරයේදී කාරයකින් පැහැර ගෙන ගිය බව කියන සැකකාර අඹු සැමි යුවළක් පෑලියගොඩ දී අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 27 March 2022
පළාත් කිහිපයකට තැනින් තැන වැසි උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (27) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2022
උල්පත් සිඳියාමේ අවදානමක් ශ්‍රී ලංකාව තුළ භූගත ජලය සීග්‍රයෙන් පහළ බැසීමේ අවදානමක් පවතින නිසා වැසි ජලය නැවත මහපොළොව තුළට ප්‍රතිපෝෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව මෙරට ජල භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. 26 March 2022
මොරොන්තුඩුවේ වෙල් යායක ගින්නක් මොරොන්තුඩුව වෙල්යායක මේ වනවිට විශාල ගින්නක් පැතිර යමින් පවතින අතර, දැනට අක්කර 50 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත. 26 March 2022
‘‘සංවර්ධනයට වඩා ජිවිත රැකිය යුතුයි‘‘ සංවර්ධනයට වඩා ජනතාව ජීවත් කරවීම අවශ්‍ය වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද වාරියපොල දී පැවසීය. 26 March 2022
කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (25) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 March 2022
මිනිය වළලද්දී සොහොනට අකුණක් 25ක් රෝහලට මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද සවස අකුණු සැර වැදීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා පැවසීය. 26 March 2022
රජයේ විදයම් කෝටි 5300 අඩු කර නව අයවැයක් නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. 26 March 2022
අයි.එම්.එෆ් වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. 26 March 2022
කෝවිඩ් ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාලා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය. කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 26 March 2022
ඉන්දීය විදේශ අමාත්‍ය 28 මෙරට සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. 26 March 2022
ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතියි කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. 26 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026