(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවේ වරස 10 කට ආසන්න කාලයක් සනීපාරක්‍ෂක කම්කරුවන් ලෙස කටයුතු කළ සේවකයන් 27 දෙනෙකු ස්ථිර නොකිරීමට විරෝධය දක්වමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව රත්මලාන දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණේ ලේකම් එම්. ජී. එන්. තුෂාර මහතා පැවසීය.

එම සේවකයන් සේවයේ ස්ථිර කිරීම සඳහා බලධාරීන් සමඟ අවස්ථා ගණනාවකිදී සාකච්ඡා කළ ද සාර්ථක ප්‍රතිඵල නොමැතිවීම හේතුවෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුව ඇති බව කී තුෂාර මහතා පැවසුවේ මගී ජනතාවට අපහසුතාවක් නොවන තීරණයක් ගැනීමට නියමිත බවත්ය.