ලෝක වෙළෙඳපොළේ තෙල්මිල පහළට රුසියානු - යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ගණන් නැවත වරක් අද (29) පෙරවරුවේ පහළ වැටිණි. 29 March 2022
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 March 2022
රැවුල නැතිනම් රැකියාවෙන් දොට්ට මුහුණ පුරා රැවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. 29 March 2022
කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා මාට්ටු ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ ,ඉබ්බගේ වත්ත ,රෙඩ්බානා ඇල ප්‍රදේශයේදී මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි. 29 March 2022
ඉන්දීය විදේශ ඇමැති දෙමළ ජාතික සංධානය හමුවෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ආර්.සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමුවිය. 29 March 2022
පවුල් ලක්ෂ 31කට පන්දහස යළිත් උත්සව සමය වෙනුවෙන් , අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 29 March 2022
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට අ.පො.ස උසස් පෙළ විභාගයේ සංගීත හා නර්තන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (29) සිට ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වේ. 28 March 2022
දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද(28)කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. 28 March 2022
රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ වාහන පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හැකිවූ අතර ඉන්ධන ලබා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ පෝලිම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 28 March 2022
බඩු මිලට අද සන්ධ්‍යාවේත් තැන තැන විරෝධය බඩුමිල වැඩිවීම,ගෑස් අර්බුදය හා ඉන්ධන මිල වැඩි වීම,ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව රටේ විවිධ ස්ථානවල අදත් විරෝධතා සංවිධානය කර තිබුණි. 28 March 2022
කොවිඩ් ආසාදිතයන් 163ක් කොවිඩ් ආසාදිතයින් තව 163 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 March 2022
නැ‘හිර හිටපු ඇමැතිනියට කාන්තාවනගෙන් හූවක් උතුරු නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත් ගෘහ මූලිකයනට හා කඳවුරු ගත සිටින කාන්තාවන්ගේ ගැටළු සහ ඊට විසැඳුම් සම්බන්ධයෙන් රචිත පොතක් එළි දැක්වීමේ ක්‍රමවේදය විවේචනය කළ නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ දෝෂාරෝපනයට ලක් වීම නිසා එම උත්සවයේදී දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇති විය. 28 March 2022
කෝටි 5 ක අයිස් පේසාලෙන් අල්ලයි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පේසාලේ ප්‍රදේශයේදී තලේමන්නාරම පොලිසිය අද (28) අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 28 March 2022
මැටි - ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යි වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්‍යස්ථානයේ මහල් දෙකක බදු කාලය වසර 3 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 28 March 2022
මාස තුනට සංචාරකයෝ 2,63,121ක් මෙරටට වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. 28 March 2022
පාසල් වෑන් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී අද සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු අලව්ව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි. 28 March 2022
විදුලි කප්පාදුව පැය හතහමාරකට දිගුවෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (28) පස්වරු පැවසීය. 28 March 2022
අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ සේවාවේ පළමු අදියර ලබන අප්‍රේල් මස 8 වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. 28 March 2022
‘‘රනිල්ගෙ පාර්ලිමේන්තු අසුන අගමැති අසුන විය හැකියි‘‘ රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 March 2022
මූල්‍ය අරමුදලට යෑමට ජනපති ඇමරිකාවේ සහය ඉල්ලයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 28 March 2022
කොවිඩ් මරණ 6 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 March 2022
අනුරාධපුරයේදී රෝද තුනක් ගින්නෙන් වැනසෙයි කහටගස්දිගිලියේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීහු ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ. 28 March 2022
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලයි? දශක ගණනාවකින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 28 March 2022
ඉන්දීය විදේශ ඇමැති-ජනාධිපති අතර හමුවක් තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද (28) ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ වේය. 28 March 2022
ආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නව සිය අසූ හය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 28 March 2022
ගැස් හොරට වික්ක අඹුසැමි යුවළ මාට්ටු ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙදෙනකු පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 March 2022
ඉන්දීය විදේශ ඇමැති මෙරට ඉන්ධන හළක නිරීක්ෂණ චාරිකාවක ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ශ්‍රී ලංකාව සංචාරය අතරතුර ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක චාරිකාවක අද (28) නිරත වුවේය. 28 March 2022
‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා ගලයි පුද්ගලයන් අයථා ආකාරයට අන්‍ය ආගම්වලට බඳවා ගැනීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩිව ක්‍රියාත්මක වන හෙයින් එය නැවැත්වීමට වහාම නීති සම්පාදනය කරන්නැයි ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයෝ රැසක් එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඊයේ (27)ඉල්ලීමක් කළහ. 28 March 2022
රටඉඳි බද්ද අඩු කරයි රාමසාන් සමයේදී ජනතාවට පහසු මිලට රටඉඳි මිලදීගැනීම සඳහා රටඉඳි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 සිට රුපියල දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය අද (28) පියවර ගත්තේය. 28 March 2022
ගෑස් වැඩි මිලට විකුණුවැයි අළෙවි බලපත්‍ර අත්හිටුවයි වැඩි මිලට ගෑස් විකුණු බවට චෝදනා එල්ල වූ හැටන් සහ හෙම්මාතගම ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන් දෙදෙනකුගේ අළෙවි නියෝජිත බලපත්‍ර තාවකාලිකව අත්හිටුවූ බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසීය. 28 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026