(රංජන් කස්තුරි)

වඳුරු උණ හෙවත් මන්කි පොක්ස්  වැළඳි ඇති බව තහවරු වූ රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාල ලබන බවත් ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් එම රෝහල් ආරංචි මාර්ග කියයි.

වඳුරු උණ වැළඳිය හැක්කේ රෝගියකු ඉතාම සමීපව ආශ්‍රය කරන්නකුට වන අතර වාතයෙන් එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති බව ද වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු තහවරු කරති.