(යොහාන් භාසුර)
වෙරළබඩ සහ ප්‍රධාන මාර්ගවල මේ දිනවල පවතින දුම්රිය ප්‍රමාදයට හේතුව දුම්රිය මාර්ගය අබලන්වීම නිසා දුම්රිය වේග සීමා පැනවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට අවශ්‍ය රේල්පීලි ඇතුළු භාණ්ඩ දැඩි හිඟයක් පවතින බවත් පීලි සහ සිල්පරකොට මිලදීගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් එම උසස් නිලධාරියා කීය.
දුම්රිය මාර්ගයේ පීලි දිරායෑම, සිල්පරකොට විනාශ වීම, කුඩා ගල් හිඟය සහ දුම්රිය මාර්ගයට යොදන ඇණ කැඩීම ආදි හේතූන් නිසා කිලෝමීටර 1,000 ක් පමණ ධාවනයට නුසුදුසු තත්වයක පවතින බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල අද සහ ඊයේ දැඩි දුම්රිය ප්‍රමාදයක් පැවැති අතර ඒ හේතුවෙන් ඇතැම් දුම්රිය පැය ගණන් ප්‍රමාද විය. පස්වරුවේ දුම්රිය ප්‍රමාදය හේතුවෙන් කොළඹට පැමිණි කාර්යාල සේවක සේවිකාව දැඩි අපහසුතාවකට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd