(සුජිත් හේවාජුලිගේ )
මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ අධික ආර්ථික පීඩනය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බවයි.
මත්පැන් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අලෙවියද සියයට 40 කින් අඩුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු විකුණලා සල්ලි හම්බ කරපු ආණ්ඩුවක්, ඒ ආණ්ඩු කරවපු මන්ත්‍රිලා 80%කම බාර් ලයිසන් තියෙන රටක් මේක. මේ රට මෙහෙම දුවනවා ඇති...
කණගාටුයි, රටකට වෙච්චි දෙයක්..!
මත්පැන් බොන්න තියා වතුර බොන්නවත් හිතෙන්නේ නැහැ, බිල්ටික දැක්කාම...!
මත්පෙත්ත මුලු රටම ආක්‍රමණය කරපු නිසා වෙන්න ඇති...!
ඔය සංඛ්‍යා දත්තවලට ලංකාවේ කසිප්පු නිෂ්පාදනය හා අලෙවියත් ඇතුළත්ද? තව ටික කාලෙකින් රෝහල්වලට පෝලිමේ එද්දී නියම දත්ත ටික ලැබෙයි. බෙහෙත් කරන්න යන වියදමත් හොඳවෙයි. ශරීරයට හිතකර කෑමක් බීමක් කාලා සතුටින් ජීවත් වෙන්නත් පින තියෙන්න ඕනෑ. වෙනත් රටවල නම්, බියර්, වයින් කියන්නේ ඔවුන්ගේ එදිනෙදා ආහාර වේලේම කොටසක්. කොහෙද ඉතින්, උපාසකයින් බොන්නේ හොරෙන්නේ...
බාර් වැඩිහරියක් අයත් වෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවනේ... අහිංසක මිනිස්සුන්ගේ මුදල් හූරාකන අයට හරියන්නේ නෑ.
මේ ගණනය කිරීම් කරන්න ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනය මත වෙන්න ඇති. මේකට නීතිවිරෝධි කස්සිපු, ගංජා, අයිස්, මත්පෙති ඇතුළත් නෑ. ආර්ථික අර්බුද හා නීතිය වල් වැදීම නිසා නිතීවිරෝධි මත්ද්‍රව්‍ය හැමතැනම වැහිවැහලා....!
මත්පැන් පරිභෝජනය අඩුවෙලා නැහැ කසිප්පු නිෂ්පාදනය හා බාවිතය වැඩිවෙලා තිබෙනවා. එනිසා රජයට ලැබෙන ආදායම අඩුවෙලා තිබෙනවා. රජයට ලැබෙන ආදායම වැඩිකර ගන්න හා ජනතාව සතුටින් තියන්න ඕනෙනම් මත්පැන් බදු අඩුකරන්න.