කඩකප්පල් ක්රියාවක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක්
‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්රමරත්න මහතා ආරක්ෂක ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.