(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) බස්නාහිර පළාත් කාර්යාලය කොළඹ ඇතුළු ඉන්ධන පිරවුම්හල් රැසකට ඉන්ධන ඇනවුම් නොදීම හේතුවෙන් මේ වන විට ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.

ඉන්ධන මිල පසුගිය 1 වැනිදා පහත දමනු ඇතැයි ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකිරීමට දඩුවමක් ලෙස නුගේගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ බස්නාහිර පළාත් කාර්යාලය මෙසේ දින තුනක් ඉන්ධන ඇනවුම් සැපයීම අත්හිටුවා ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට නැවතත් පෝලිම්වල රස්තියාදුවීමට සිදුවී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ සඳහන් කරති.