(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වී ඇත්තේ කාන්තාවන් සහ ළමයින් බව ආසියා සහ පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පෙන්වා දෙයි.

ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තුලින් පීඩාවට පත් වී ඇති කාන්තාවන් සහ ළමුන් පවුල් පරිසරය තුළ  ශක්තිමත් කිරීමට හොඳ අවස්ථාවක් තිබෙන බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග කර්මාන්ත අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම කොමිසමේ දකුණු සහ නිරිතදිග ආසියා කාර්යාල ප්‍රධානි මිකිකෝ ටනාකා මහත්මිය ප්‍රකාශ කළාය.

එහිදී කර්මාන්ත අමාත්‍යංශය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙන බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දී තිබේ.