(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම සතියේ ඉන්ධන මිල පහත නොදමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් ඇනවුම් නොදීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවත් සිපෙට්කෝ සහ අයි.ඕසී. යන ආයතන දෙකේම ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් අමාතයවරයා සඳහන් කළේය.