
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව “ඩග්ලස් මුන්රෝ" දීර්ඝ ගමනකින් පසුව කොළඹ වරාය වෙත පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ" නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේය.
කොළඹ වරායට සේන්දු වූ ඩග්ලස් මුන්රෝ නෞකාව පිළිගැනීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සියැටල් වාරයේ සිට ගමනාන්තය වූ කොළඹ වරාය අතර දුර නාවික හමුදාවට අයත් නෞකාවක් යාත්‍රා කළ වැඩිම දුරද වේ. ඩග්ලස් මුන්රෝ නෞකාව පී-627 ධජය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා එක්සත් ජනපදයට ස්තූතියි, ඇමරිකාවට දෙවියන් වහන්සේ ආශීර්වාද කරයි.
ඕකේ ආරක්ෂාවට පිරිසක් යොදන්න .නැත්නම් කොටස් ගලවලා යකඩ කඩේට විකුණා ගනීවී
ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන්න ඔය වගේ නැවකට අවුරුද්දක් යනවද ?
අවුරුදු 50 ක් පරණ එක්සත් ජනපද වෙරළාරක්ෂක එක අයින් කරපු නැවක්.ස්තූතියි USA.
Great.
ඇමෙරිකාවෙ පරණ ඒවා අපිට එවනව. අපේ මෝඩ නරි ටික උත්සවාකාරයෙන් පිළිගන්නව. අර ඩොක්යාඩ් එකෙන් නැව් හදලා ලෝකෙටම විකුණනව. මෙතන අනුන්ග අබලි යකඩ ගොඩවල් දෝත පාලා පිළිගන්නව. එක එතකට අපේ මුහුදු සීමාවට ගෙනැල්ල ගිනි ගන්න සලස්වනවට වඩා මෙහෙම ගොඩ බාන එකත් ලොකු දෙයක්. අපේ සාගර කලාපය විනාශ නොකර.
හොඳයි ගොඩක්...