
(ටී.කේ.ජී.කපිල)
රුසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන පැමිණියේය.
රුසියාවේ ප්‍රධාන නගර 04 ක් වන වෙනුකෝවෝ (Venukovo), ටොල්මැචේවෝ (Tolmachevo), ක්‍රාස්නෝයාස්ක් ( Krasnoyarsk ) සහ සාන්ත පිටස්බර්ග් (St:Petersburg) යන නගර වල පිහිටි ගුවන් තොටුපළ වල සිට සතියකට දින 04 ක් , එනම් බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා යන දින වල මෙම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම පළමු ගුවන් යානය රුසියාවේ සිට රුසියානු සංචාරක ගුවන් මගීන් 333 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන 09.45ට පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය බැහැල එන්නෙ නිකම් සූර් වෙලා වගේ තමයි.
අයියෝ මේ මොන රටක්ද? ගෑස් නැවක්, ඉන්ධන නැවක්, ගුවන් යානාවක් ආයාම මහ උත්සව තියලා පිළිගන්න තරම් අහේනියට වැටිච්ච රටක් ද මේක? මේකේ ඉන්න පාලකයෝ කියාගන්න පාදඩයින්ට නම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තටම නෑ. හැබැයි අපිට ලැජ්ජයි. මොකද අපි මෙච්චර පහත් විදියට ජීවත් වුණේ නෑ. රටේ මාන අමාරුකම් තිබුණත් අපි අපේ ATM කාඩ් එකනේ සල්ලි ගන්නකොට අප්පුඩි ගැහුවෙ නෑ.
මිග් හොරු, පිළිගැනීමේ උත්සවයට ගිහින් තිබුණා. මාෆියා රට.
මේ කට්ටිය ආපසු නොයා මෙහෙ නවතින්න ඉඩ තියෙනවා. මොකද යුද වාතාවරණය නිසා . කොහොම වුණත් ජයවේවා.
ලොකු ප්‍රචාරය කරලා පම්පෝරි ගැහුවට වැඩක් නැහැ .ලාංකික හොරුන් හා බ්‍රෝකර්ලාගෙන් ඔවුන් ආරක්ෂා කර ඒ මිනිස්සුගේ සල්ලි හොරකම් කරන ලාංකික හොරුන්ගෙන් හා මංකොල්ල කාරයින්ගෙන් ඔවුන් ආරක්ෂා කර ඒ මිනිස්සුන්ගේ ගමනේ පරමාර්ථය ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම රජයේ වගකීම හා ඒවාට වග විය යුතුය
ඔය සංචාරකයින් ගෙන්වන්නේ යුක්‍රේනයේ ඉස්සර අපේ තානාපති වෙලා හිටපු කෙනා නේද ? දැන් යුක්‍රේන යුද්ධය ඇවිලිගෙන යන නිසා රුසියානු හමුදාවට බලෙන් මිනිස්සු බඳවාගන්න එකෙන් බේරෙන්න සංචාරකයින් හැටියට මේ ගොල්ලෝ මෙහාට පනිනවාද කියන්නත් බැහැ. එහෙමනම් මේ එන කට්ටිය යුක්‍රේන යුද්ධය ඉවර වෙනකල්ම මෙහෙ ඉඳීවි. නියම වැඩේ.