(ඩයනා උදයංගනී)

ලබන 8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම චනද්‍රග්‍රහණය ආසියා මහද්වීපය, ඕස්ටේ්‍රලියාවලියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ කොටසකට දැකගැනීමට හැකිවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස  බව ද චන්දන ජයරත්න මහතා කීවේය.

මෙරට වේලාවෙන් පස්වරු 1.32 ට වන මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිමය පස්වරු 4.29 ටත් අවසානය රාත්‍රී 7.26 ටත් සිදු වන බව ඔහු සඳහන් කළේය.

චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙහි අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි බව ද  මහාචාර්යවරයා පැවසීය.

මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර යළිත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14වැනිදාය.