IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංචාරක වීසාවලින් රට රැකියාවලට යෑම තහනම්

(යොහාන් භාසුර)

ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජයයේ පුහුණු සහ නුපුහුණු රැකියා සඳහා සංචාරක වීසා මත පිටත්ව යෑම විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ නියෝගයක් අනුව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇති බවත් එසේ විදේශ ගතවූවන් මුහුණ පෑ විවිධ හිංසනයන් පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍යය මගින් තොරතුරු ප්‍රචාරණය වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා සඳහා යොමුවන සියළුම ශ්‍රී ලාංකිකයින් සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ ගතවීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බව ද එම කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (3)

සංචාරක වීසාවලින් රට රැකියාවලට යෑම තහනම්

Sanath Dubai Friday, 04 November 2022 11:35 AM

මේ තීරණය ගන්න මෙතරම් ප්‍රමාද වුනේ ඇයි? අපේ රටේ තරුණ තරුණියන් දහස් ගාණක් ජාවාරම් කාරයින්ට රැවටී මැද පෙරදිග රටවලට පැමිණ අතරමං වී සිටිනවා. සමහරු ඉන්න තැනක් නැතිව උද්‍යානවල එළිමහනේ නිදාගන්නවා. කන්න බොන්න නැතුව ආපහු ලංකාවට යාගන්න විදිහක් නැතුව මෙහෙ අපාදුක් විඳිනවා...!

:       0       3

SENAFriday, 04 November 2022 12:25 PM

මේ කතාවේ පැති දෙකක් තියෙනවා. සමහර කම්පැණි ප්‍රතිපත්තියක් හැටියට පළමු සැරේ එනකොට විසිට් වීසා වලින් ගෙන්නගන්නවා. ඒ වගේම සමහර පුද්ගලයින් තමන්ම විසිට් වීසා එකක් හදාගෙන යනවා. එහෙ ගිහින් ජොබ් එකක් හොයාගන්න. එහෙම කට්ටිය හුඟක් වෙලාවට අතරමං වෙනවා. කොහොමත් ගෘහස්ථ සේවයට විසිට් වීසාවලින් යන එක හුඟක් භයානක වැඩක්...

:       0       3

pakeer Friday, 04 November 2022 12:50 PM

වීසා ඇතුව හෝ නැතුව ,ජොබ් ඇතුව හෝ නැතුව මෙහෙන් පලයල්ලා .මේක එන්න එන්නම වලට යන්නේ .ගිය මාස 6 ට විතරක් අවුරුද්දකට විතර ණයම අරගෙන

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site