
(සනත් ගමගේ)
බිත්තර පහක් වැඩි මිලට වික්ක වීරකැටියේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.
බිත්තරයක් රුපියල් 60 බැගින් බිත්තර පහක් රුපියල් 300 කට අලවි කල වීරකැටිය ප්රදේශයේ වෙළෙන්දෙක් හම්බන්තාට දිස්ත්රික් පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරියේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව (04) මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික පිළිබඳ අධිකාරිය කියයි.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී සුමණසේකර මහතාගේ උපදෙස් යටතේ හම්බන්තොට දිස්ත්රික්කය පුරා මේ දිනවල සිදුකරන වැටලීම් මත මෙම වෙළඳ සැල් හිමියාද අත් අඩංගුවට පත් වී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පී.එච්.අයි. මහත්තුරු මේ වගේ හොඳට වැඩ කරනවා නම්, අපි කොළඹ තියෙන හෝටල් වලින්, අත්වැසුම් නොදාපු අය දෙන කුණු කෑම කන්න වෙන්නේ නැහැ...
සුපර් මාර්කට් වලටත් ගිහින් බලන්න.
සුපිරි වෙළඳසල් වලට ඇවිත් බලන්න මහත්තයෝ, බිත්තරයක් 65යි.. ඒවාට දඩ ගහන්නේ නැද්ද?
ඔන්න ඔහොම දඬුවම් දෙනවා නම් රට හැදෙයි.. රුපියල් 50 වන්චාවට දඩය ලක්ෂයයි. මහබැංකු හොරකමට, සීනි වංචාවට, සුදුළූණු වංචාවට, තව අනන්තවත් මහාපරිමාණ වංචා, දූෂණ වලින් කියැවුණේ කෝ මේවට දඬුවම්?
මම මේ ගැන ශ්රී ලංකාවේ එක්තරා ගමක වෙළෙඳ මහතෙක්ගෙන් ඇසුවා... එතකොට ඔහු මෙන්න මෙහෙම කිව්වා දුරකථනයකින්..." අපේ පැත්තේ වෙළෙන්ඳන් ඔක්කෝම කතාබහ කරලා තීරණය කළා බිත්තර විකිණීම නවතා දමන්න. දැන් අපේ පැත්තේ රුපියල් 1000 කාටවත් බිත්තර නැහැ. ෆාම් එකේ මුදලාලිටත් ප්රශ්නයක් තමයි.., නමුත් බිත්තරයකින් රුපියල් 3ක්වත් ලාබ නැතිනම් විකුණලා වැඩක් නැහැ. බිත්තර කැඩෙනවා, කුණු වෙනවා, ඒවා ඔක්කොම වෙළෙන්ඳා විඳදරා ගන්න ඕනෑ. ඒනිසා අපේ කඩවල බිත්තර නැහැ. ඔය නීතිය අයින් කරන තාක්කල් බිත්තර නැහැ. ගෙවල් වල බිත්තර විකුණනවා හොඳටම අඳුරන අයට නමුත් අඳුනන්නේ නැති කාටවත් බිත්තර නැහැ. ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් වෙන්න පුළුවන්... ඒ නිසා අඳුනන්නේ නැති අයට බිත්තර ගෙවල් වලින්වත් දෙන්නේ නැහැ. ඒ වගේම නාන්නාඳුනන මිනිසුන් බිත්තර හොයාගෙන ඇවිත් ගුටි කාපු වාර ගණනකුත් තියෙනවා....." අපි චූටි කාලේ ශත 25ට තිබුණු බිත්තරේ උඩගිය හැටි බිත්තරය දමපු කිකිළි දන්නෙත් නැහැ...
සුපර් මාර්කට් වල බලන්න. ගිනිගාණට විකුණන්නේ...!