
(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච් රෝහලට) ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂණයකින් හිටපු ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පෙරවරුවේ සෙම් රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ගොස් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හමුවී ඇති අතර එම අවස්ථාවේ මෙම පරීක්‍ෂණය සිදුකර තිබේ.
ඔහු ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇති බවත්, මේ වන විට නිවෙසේ ප්‍රතිකාර ලබන බවත් හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු පැවසීය.
හිටපු ජනාධිපතිවරයාට කිසිඳු තදබල රෝග ලක්‍ෂණයක් නොමැති අතර, ඔහු කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...
දෙන්න බෙහෙතකුත් නැහැ... දීලා ඵලකුත් නැහැ... ඔන්න ඔහේ වෙඩි තියලා දාමු...
මොනවා වුණත් මහජනතාවට හිරිහැර නොකරන නායකයෙක්...
හතුරෙකුවත් විනාශයක් නොපැතිය යුතුයි...!
ඕක තමයි කිව්වේ පාරේ පිනි බබා විරෝධතාවලට යන්නට එපා කියලා...