
(ඩයනා උදයංගනී)
රාජකාරියට පැමිණීමේදී සුදුසු පහසු ඇදුමක් ඇඳීමේ අවස්ථාව ගුරුවරියන්ටත් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එය ගුරුවරියන්ට නොගැළපෙන බව නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ පැවසූහ.
රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් 27 දින නිකුත් කර ඇති චක්‍රලේඛනය ගුරුවරුන්ට අදාළ නොවිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් උන්වහන්සේ කීහ.
තිනියාවල පාලිත හිමියන් මේ බව සඳහන් කළේ ජෝෂප් ස්ටාර්ලින් මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජා කරන අටපිරිකර නැවත වෙළෙඳසල් වලට විකිණීම නොකළ යුතුයි
world is changing ... culture must change too
වේල් දෙක කාල කට පියාගෙන ඉන්න.ඒ මිනිස්සුන්ට අපහසු හින්දනෙ පහසු ඇඳුමක් ඉල්ලන්නෙ හෙලුවෙන් යන්න නෙවෙයි.මේ රටේ ප්‍රශ්න විසඳන්නෙ වෘත්තිකයො නෙවෙයි පූජකයො.
ඇත්තටම ගුරුවරියන්ට සුදුසුම ඇදුම නම් ඔසරිය තමයි ඒක ඇන්දාම ඕනම කාන්තාවක් අමුතුම ලස්සනක් ගන්නවා යෝජනාව කල තැනැත්තා දේශීය සංකෘතියේ විනාශය දකින්න කැමති අයෙක් කියලා හිතෙනවා.
ඇඳුමට ප්‍රථම වහාම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුය. පන්තිකාමර වල ගුරුවරියන් සාරිය ඇඳීම කළ යුතුය. එමගින් ගුරුවරියන්ට ගෞරවයක් ලැබෙනවා. ගුරුවරියෝ එක එක කොට ඇඳුම් ඇදන් පාසල් ආවොත් වෙන ප්‍රශ්න ඇති වෙයි. ක්‍රීඩා පුහුණු සහ වෙනත් විශේෂ අවස්ථාවල පහසු ඇඳුමක් ඇන්දට කමක් නැහැ.
ඔබවහන්සෙල හරි බයේ නේද ඉන්නෙ ම්නිස්සු දානෙ නොදෙයි කියල.සැරියුත් මුගලන් පරම්පරාවෙ කියල මෝඩයින්ව අන්දනවා.
අනුන්ගේ ඇඳුම්වලට වැඩිය තමන්ගේ දූෂණ ගැන කතාකරමුද?
ප්‍රාඩෝ වල ගමන් නොයා බුදුන් වදාළ ලෙසින් පා ගමනින් වැඩම කල යුතුය.
කාන්තාවන් වීම නිසා ඔවුන්ට දැඩි නීති පනවන එක සුදුසු නෑ. මේ ව්‍යසන කාලයේ සමහරු පාපැදිවලින් එහෙමත් නැත්නම් යතුරු පැදියෙන් පාසල් එනවා. ඒ නිසා තමන්ට පහසු පාසලට ගැළපෙන ඇඳුමක් ඇන්දට වරදක් නැහැ නේද හාමුදුරුවනේ.
යාර ගානක සාරිය අයන් කිරීමට වැයවන විදුලිය හා කාලය , ඇදිමට ගතවන කාලය, මිල, අපහසුව, රටේ දියුනුවට බාදාවක් නොවේද?
Don’t do politic , Please follow Buddhism.
ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හෝ වෙනත් පුගලයන්ගේ අවශ්‍යතවයන් මත මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැක.
හාමුදුරුවන්ටත් ඕනේ නැති මගුලක් නැහැ.. ගුරුවරියෝ තමුන්ට කැමති පහසු, ගැළැපෙන ඇදුමක් අන්දින එක එයාලට අයිති දෙයක්.
ඩිස්ලයික් කියන්නෙ මේ රට නම් හදන්න බැරිම රටක් කියලයි මෙච්චර කලක් කිව්වෙ. ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා දැන් කියමු .ලංකාව වලපල්ලට යමින් පවතින රටක් කියලා
දැන් ඉන්න ගුරුවරියෝ රස්සාවට ආවේ සාරි අඳින්න වෙනවා කියලා දැනගෙන. නමුත් රජයේ සේවකයෝ කිව්වම එයාලත් ඇතුළත් නිසා චක්‍රෙල්කයට අදාලයි. ගවුම් කලිසම් අදින ගුරුවරියෝ ඉන්න බටහිර රටවල් ලංකාවට වඩා ගොඩක් දියුණුයි. ස්ටාලින්ට තියෙන්නේ මානව හිමිකම් නඩුවක් දාන්න. පාසල් ගුරුවරියෝ ටියුෂන් හෝ පාසල් වෙලාවෙන් පස්සේ පන්ති කරද්දි ගවුම් හෝ සාය හැට්ට අඳිනවා. ගුරුවරියෝ පාසලට ගවුම් කලිසම් ඇඳන් ආවමනම් හරි. ඔය චක්‍රෙල්කය තාමත් අදාල නිසා කාගෙවත් අවසර ගන්න ඕනි නෑ,
Still a 3rd world country thinking about clothes, saying no to sexual education and thinking we are a disciplined country with a highest rates of rapes in the world. Change people, change. Clothes not matters, but the attitudes.