
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සහ සෙසු ප්‍රවාහන පද්ධතිවල යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය දැක්වීමට පොරොන්දු වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පොසිල ඉන්ධන මත යැපීම අවම කර ප්‍රවාහනය සඳහා බලශක්ති ප්‍රභවයන් ලෙස ජෛව ඉන්ධන සහ විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන බස්රථ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ද සඳහන් කළේය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශයේදී ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතිත් ගට්කාරි මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එසේ පැවසීය.
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්දියාවේ සහයෝගීතාවය ලබාගැනීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සංචාරයේදී ඉන්දීය රජයේ රේල් ඉන්දියා ටෙක්නිකල් ඇන්ඩ් ඉකොනොමික් සර්විස් ලිමිටඩ්, ඉන්දියා රේල්වේ කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් සහ රේල් විකාශ් නාගම් ලිමිටඩ් යන ආයතනවල සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ කළමණකාරවරු ඇතුළු නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම උදව්වක් කරන්න එපා. මෙයාලා සේරම හොරා කනවා. ඒ යන වියදමින් ඉන්දියාවේ නැතිබැරි මිනිස්සුන්ට වැසිකිළි ටිකක් හදලා දෙන්න.
අපේ දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දීය දුම්රිය සේවයට එකතු කරන්න. අපේ ඉන්න යුනියන්කාරයෝ එක්ක මේක ගොඩ ගන්න බෑ.
සත පහක උදව්වක් කරන්න එපා මෙයාට. කොරලා ඇති උදව් දැන් ඕනෑවටත් වඩා ඇති. ඔය මිනිහා ලංකාවට ඇවිල්ලා ආයෙමත් ඉන්දියාවටමයි බනින්නේ.
ඔව් ඉතින් ලංකාවේ දුවාගන්න බැරි ජරාම කෝච්චි ටික කොමිස් වලට ගෙනල්ල , ලොරි චැසියට බස් බොඩිය ගහල ගේන බස් ටිකකුයි දුන්නම ඔක්කොම හරි...ඔන්න අත හිත.
ගාල්ල, මාතර දුම්රිය පාර කෝටි ගාණක ඉන්දියානු ණයවලින් ඉන්දියානු සමාගමකින් හැදුවා. විනාඩි 5ක් ගමන් කාලය අඩුවුණාලු... එහෙම උපකරණ නම් එපා...