(යොහාන් භාසුර)

ජංගම දුරකථන සන්තකයේ තබාගැනිමේ චෝදනා එල්ල වී සිටින මහපරිමාණ මුදල් වංචාවකට සැකකාරියක් ලෙස වැලිකඩ බන්ධනාගාරගත  තිළිණි ප්‍රියාමාලි නැමැත්තිය බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට නැවත මේ මස 24 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

කොළඹ අතිරේක දිසා විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට ඇය නැවත ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළ බව ඒකනායක මහතා වැඩි දුරටත් කීය.