යුක්රේනයේ බේරාගත් 7න් 4ක් වෛද්‍ය සිසුන් යුක්රේනයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනාගෙන් හතර දෙනෙක් වෛද්‍ය සිසුන් බවත් තුන් දෙනෙක් ශ්‍රමිකයන් බවත් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පවසයි. 26 September 2022
යක්කල සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා ඒවායෙහි කටයුතු කළ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමියෙකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි. 26 September 2022
ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ. 26 September 2022
වල්පොළ නිවාස තුනකට පහරදුන් අයෙක් මාට්ටු රාගම වල්පොල දේශයේ නිවාස තුනකට කඩුවලින් සහ මන්නා පිහිවලින් පහරදී ලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 26 September 2022
ජනපති ජපානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 26 September 2022
කාලගුණයේ වෙනසක් උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (26) මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 26 September 2022
‘‘මීළඟ සැසියේදි 19 බලගැන්විය යුතුයි‘‘ රජය පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී ශේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව 19 වැනි සංශෝධනය නැවතත් වහා බලගැන්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 25 September 2022
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙටත් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 September 2022
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (24) කොළඹ දී පැවැති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 83 අද (25) ඇප මත මුදා හැර ඇත. 25 September 2022
‘‘ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ‘‘ ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(25) පැවසීය. 25 September 2022
පැහැරගත් ඉන්ධන බවුසරය බේරාගන්න හන්තානේ මහ යුද්ධයක් මහනුවර හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකතන සමාගමක සම්ප්රේ තාක්ෂණ කුළුණක අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් ගිය ඉන්ධන බවුසරයක් අද අලුයම මග හරස් කර නවතා රියදුරු සහ සහයකට පහර දී එම බවුසර් රථය පැහැරගෙන ගැනීමට තැත්කළ කොල්ලකරුවන් දෙදෙනකු මහත් වෙහෙසක් දරා මහනුවර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 September 2022
සින්ඩි මැකේන් දිවයිනට රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා ඊයේ (25) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය. 25 September 2022
රට විරුවන්ට විශ්‍රාම වැටුපක් විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 25 September 2022
ජනපතිට පිලිපීනයෙන් ලැබුණු ආරාධනය ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ. 25 September 2022
එරෝෆ්ලෝට් ලබන 9 වැනි දා සිට යළි වැඩ රුසියානු රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිථලයක් ලෙස එරෝෆ්ලෝට් ගුවන්සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යලිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇත. 25 September 2022
ජනපති හෙට ජපන් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය. 25 September 2022
විරෝධතාකරුවන් ඇල්ලුවාට පොලිස්පතිගෙන් කරුණු විමසයි සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹ දී ඊයේ සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම් ආරංචි මාර්ග පවසයි. 25 September 2022
වැඩි මිලට අරන් අඩුමිලට විකුණා සතොසට කෝටි 600 පාඩු වෙලා ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ . 25 September 2022
උසස් පෙළ වරම් ලබන සිසු සිසුවියන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 25 September 2022
අලුත උපන් දරුවා වැව් පිටියේ දමා ගිහින් අළුත උපන් ළදරුවකු බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටියදී කාන්තාවකට අද (25) උදෑසන හමුවී ඇති බව වාරියපොල පොලිසිය කියයි. 25 September 2022
කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 25 September 2022
‘යුනිසෙෆ්’ නියෝජිතයා රටින් පිටුවහල් කරන ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. 25 September 2022
මැතිසබයේ බත්පතේ මිලත් ඉහළට පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත. 25 September 2022
යාපනයේ සිසුවෙක්ගෙන් උපන්දිනයට මත්පැන් සාදයක් මිතුරාගේ උපන්දිනයට මත්පැන් පානය කරමින් සිටි යාපනය ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් සිව්දෙනකු යාපනය, බ්‍රවුන් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 25 September 2022
මැතිසබේ බත්පතේ ගෝනි නූල ගැන පරීක්ෂණයක් මාධ්‍යවේදීන්ට සැපයූ දිවා ආහාර වේලේ හාල්මැස්සන් බැඳුමක තිබී අඩියක් පමණ දිගැති ගෝනි නූල් කැබැල්ලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භවී ඇත. 25 September 2022
ගන්නෝරුවෙන් සහල්පිටි වෙළෙඳ පොළට ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන ඇරඹීම අද ඇරැඹිණි. 25 September 2022
’’තව්තිසාවේ’’ ඇත්ත තතු පාඨලී හෙලි කරයි නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 25 September 2022
සූර්ය ශක්තියෙන් යන මගී බෝට්ටු සේවයක් ඇරැඹෙයි කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් අරඹා තිබෙි. 25 September 2022
ඇමති පුටු නැතිව පිරිසක් කනස්සල්ලෙන් කැබිනට් ඇමතිධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 25 September 2022
වී ගන්න වැඩ පිළිවෙළක් හදන්න ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත. 25 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025