
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බවවෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය මෙන්ම ශරීරයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් රටේ පවතින නරක ආර්ථික තත්වය දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමටද ප්‍රධාන හේතුවක්වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව පවසන මන්ත්‍රීවරයා මේ ප්‍රවණතාව දිගින් දිගටම පැවැතුණහොත් ළමයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොඩනඟා ගෙන ඇති ප්‍රගතිය ආපසු හැරීයෑමේ මෙන්ම සමහරවිටෙක එය ස්ථීරවම නැතිවීමේ අවදානමක් පවතින බවද පෙන්වා දුන්නේය.
දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද මවුපියන්ට දරාගත නොහැකිවූ බරක්වී ඇතැයි පවසන ගාමිණී වලේබොඩ මහතා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබා දිය යුතු පෝෂ්‍ය පදාර්ථ පිරි සත්ත්ව ආහාර මෙන්ම ශාක ආහාරද ලබා දීමට වෙනදා මෙන් මවුපියන්ට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.
මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන හා නොපෙනෙන පෝෂණ ඌනතා ළමයින් අතර වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයිද විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී හා අඩු පෝෂණ අධ්‍යාපනයක් සහිත පවුල්වල දරුවන් අතර මේ තත්වය වඩාත් දරුණුවිය හැකි යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරුව නම් 2045 රට ගොඩගන්නවා කියලා. නමුත් 2045 වනවිට රට ගොඩගන්න නම් දැන් පාසල් වියේ පසුවන දරුවන්ට නිසි අධ්‍යාපනයක්, නිසි සෞඛ්‍ය පද්ධතියක්, නිසි පෝෂණ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ කිසිවක් නැතිව 2045 මන්ද පෝෂණ තරුණ තරුණියන් සමග කෙසේ රට සංවර්ධනය කරන්නේද?
කමක් නෑ. ඔබලාගේ පවුල් වල අය හොඳට කනවානේ, ජීවිතය මල් මල් ඡන්දෙ දෙන ඒ කට්ටිය ඉන්න කල් කල්...
ඒකට තමනුත් වියතෙක් හැටියට වග කියන්න ඕන තමුන්ලා 2019 ගෝඨාභය ගෙනැවිත් ක්ෂනිකව කාබනික වගාව කියලා ගොවිතැන කාබාසිනියා නොකළානම් මෙහෙම වෙන්න බැහැ. ඒ වගේම ගල්මෝල් පවත්වා ගන්නකොට අවට ප්‍රදේශයේ ජලය සිදීයාමට ඉඩ තියෙනවා.. එයිනුත් අඩුම තරමින් මිරිස් පැලයක්, බතල වැලක්, මයියොක්කා පඳුරක්වත් හිටවා ගන්න බැරිව යනවා... බීමට වතුරවත් නැතිවෙනවා. ඔබ එහෙම අවස්ථා ඇතිකර තිබේ නම් ඔය කියන ඒවාට ඔබත් දායකවෙලා තියෙනවා නේද?
ලංකාවේ ඉන්න බයි සෙට් එක නැතිවෙනකන් මෙහෙම තමයි ඉන්න වෙන්නේ..!