(හේමන්ත ද සිල්වා)
අහුන්ගල්ලේ සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටුණු දරුවකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ කුරුණෑගල පදිංචි සිව් හැවිරිදි පිරිමි ළමයෙකි.
මව්පියන් සමග සංචාරයක් සඳහා පැමිණ හෝටලයේ පළමු මහලේ කාමරයක නතරව සිටියදි ළමයා අද අලුයම හතරට පමණ කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ රැඳි සිටියදි බිමට වැටි ඇත.
තුවාල ලැබු ළමයා පළමුව බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දරුවන්ට අපලයි.
මරු හෝටල, බැල්කනිවල අත්වැටවල් නැද්ද? අත්වැටවල් උඩින් වැටෙනවා කියන්නේ එක්කෝ මිනීමැරුමක් නැත්නම් සිය දිවි නසා ගැනීමක්. මෙවැනි අනාරක්ෂිත හෝටල සොයාබලා වහාම තහනම් කළ යුතුයි..