
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7(අ) (¡¡¡] සහ 7(අ) (v) ප්‍රකාරව එම සභාපති ධූරයේ සහ සාමාජිකත්වයේ තවදුරටත් කටයුතු කරගෙන යෑමට නුසුදුස්සකු බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ 2023 අප්‍රේල් 18 දින ඇති වාර්තාවෙන් දන්වා ඇතැයිද ඒ අනුව රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටින්නේ යැයිද න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති මෙම යෝජනාවේ දැක්වේ..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ 120 ඔබට විරුද්ධව ඡන්දය දෙයි... ඒත් මිලියන 22 ජනතාව ඔබත් එක්ක එන්නේ ජනක.. ඔබ විතරයි කොන්ද තියෙන රජයේ නිලධාරියෙක් වගේ වැඩ කළේ...
හැකි ඉක්මණීන් කළ යුතු දෙයක්...
සාධාරණයට කෙළින් කතා කරන නිලධාරීන් අපේ රටේ බිහිවෙන්නේ කලාතුරකින්... ඔබ ඉවත් කරන අය ඉන්නේ රෙද්දක් පිටුපස...
පිස්සු වැඩ තමයි...
ලොක්කන් කියන හැමදේටම යර්ස් සර් කියන්න වෙනවා නම් කොමිසම කුමකටද? කොමිසම් අද දේශපාලන බලවතුන්ගේ ග්‍රහණයට ලක්වෙලා. කොමිසම් ස්වාධීනයි කියන්නේ අමූලික බොරුවක්...
පර දේශපාලන/ ඡන්ද වාසි ගන්න අවුරුදු ගාණක් විදුලි ගාස්තුව වැඩි නොකර හිටියා. එහෙම කරලා කෙලෝ ගත්තාම එක වතාවේ විදුලි ගාස්තුව වැඩි කළා. දැන් නිලධාරින්ගේ පැත්තට දානවා වැරැද්ද...