
(අංජුල මහික වීරරත්න)
රිලවුන් කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කළහ.
කෘෂිකර්ම අමාත්‍යවරයා ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ඔවුහු මෙම පැමිණිල්ල කළහ.
තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා තෙලිදිය ලබා ගන්නා විට රිලවුන් මොහොතකින් ඒවා විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල්මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත් , රිලවුන් දහස් ගණනක කණ්ඩායම් ප්‍රදේශවල සැරසරමින් මෙම විනාශය කරන බවත් එම කර්මාන්තකරුවෝ පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කීවෙි චීනයේ පුද්ගලික සමාගමක් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් දෙන ලෙස කළ ඉල්ලීමට ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩ පිළිවෙළ නැවතී ඇතත් පවතින නෛතික කටයුතු විසදා ගැනීමෙන් අනතුරුව එම වැඩ පිළිවෙළ යළි අරඹන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්දෝ සමානකමක් පෙනුණා මෙයාගෙයි එම ඇමැතිතුමාගෙයි මුහුණු දෙකේ... පුදුමයි...
රිලවුන්ගෙන් විතරක් නෙවෙයි කාලකන්නි දූෂිත දේශපාලුවන්ගෙන් මුලුමහත් ජනතාවටම..., රටට කොයිතරම් හානියක් වුණා කියලාද?
ජනතාවගේ ප්‍රායෝගික ප්‍රශ්නයට වගකිව යුතු ඇමැතිවරයෙක් දෙන බොළඳ පිළිතුර බලන්න... ගැටළුවේ මුල සොයා පිළියම් නොකර පැලැස්තර දැමීම අද රටේ බලධාරීන් ප්‍රශ්න මගහැරීමට ගනු ලබන පහසු ක්‍රියාමාර්ගයකි. මෙවන් පසුබිමක ජනතාවට අරගල හැර අන් කවර පිහිටක්ද?
මෙයාලා මේ පරිසර සංවිධාන වලට ගහනවා රිළවෙක් අල්ලගෙන... මොකද පරිසර සංවිධානවල එරෙහි ජනමතයක් හදාගත්තු ගමන් හොරෙන් වැලි කපන්න, කඩොලාන විනාශ කරන්න ආදී නොයෙකුත් ජාවාරම් කරන්න පුළුවන්. එහෙම නැතිව මෙයාලාට රිළා ප්‍රශෟනය විසඳන්න වුවමනාව නැහැ...
සෑම වසරකම සතුන්ගෙන් මනුෂ්‍ය ආහාර අස්වනු විනාශ වීමෙන් කෝටි ගණනක හානියක් ගොවීන්ට සිදුවීම නොපමාව නතර කළ යුතුයි. නැත්නම් ගොවීන් ආර්ථිකව අසරණ වී අලුතෙන් ගොවීතැන් පටන් ගැනීමට මැලිවනු ඇත. එවිට ආහාරමිල අහස උසට නැග මන්ද පෝෂණය ඇති වී දේශය සාගතයකට වැටෙනු ඇත. එය වැළැක්වීමට, වේගයෙන් බෝවන රිළවුන් අවමකළ යුතුමයි. ඊට සුදුසුම විසඳුම රිළවුන් රට පැටවීමයි. එසේ නොකරන්නේ නම් ගොවීන්ගේ හානිවලට රජය වන්දි ගෙවිය යුතුමයි....
ගොනා හැරෙන්නෙම පොල් පැල දිහාවට...
මේ රටට ගොවීන්ට කරන තරමක් වින කරේ රිළවුන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලක රිලා හැතිකරයයි. ඉස්සෙල්ලාම චීනාට දෙන්න ඕනේ... මෙන්න මේ දේශපාළු රිලා හැතිකරයයි. ඒත් චීනාට කන්න මොළයක් නම් නැහැ. මොළේ තියෙන්නේ ගොම. රටක කෘෂිකර්ම ඇමැති වෙන්න ඕනේ සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, පරිසර සමතුලිතතාව, කෘෂිකර්මය ආදී දේ ගැන අවබෝධයක් ඇති අය. රිලා ගහණය වැඩිනම් එය පාලනය කිරීමේ දැනුම හා හැකියාව ඇමතියාට තිබිය යුතුයි. කොහෙවත් ඉන්න චීනෙක්ව මෙයට අදාල කරගත යුතු නැහැ. එදා පඹයින් පුච්චපු ගොවි ජනතාවට මේ දේ වැටහෙන්නේ නැහැ. රටේ රිලා ගහණය අඩු කරනවට කිසිවෙකු විරුද්ධ නැහැ. චීනයට නොයවා ඒ දේ කරන්න අදාළ දේශපාලකයින් හට අදාළ දැනුම හා හැකියාව නැහැ. චීන හා රිලා ප්‍රශ්නයක් මවාගෙන දේශපාලකයින් රටේ ප්‍රශ්න අමතක කරන්න වෙර දරනවා. ඒක තමයි ඇත්ත...
හැමදාම ප්‍රශ්න අනුන් පිට නොදමා ගොවියන්ට රිලවුන් මරා දමන්නට ගිනිඅවි දෙන්න, ඒක ඔලුව පළුදු කර මොලේ කනවාට වඩා වේදනා අඩුයි. සමහර රටවල උපත් පාලන ක්‍රමවේදයකට යාම නේද නිවැරැදි...
පැමිණිලි කරපන් දේශපාලන රිලවුන්ට එරෙහිව. 1 225… ප්‍රමාණයක් රිලව් ඉන්නවා. ඒ රිලව් පඩි ගන්නේ අපේ බදු සල්ලිවලින්. සේවය බිංදුවයි එයාලාගේ...
කිතුල් නිශ්පාදනයට රිලවුන්ගෙන් එතරම් හානියක් වෙන්නෙ නෑ. ඩීල් දාල ඒ්ක ආරක්ශා කරන්න පුලුවන් නැත්තම් මිරිස් අබරල තියලත් පුලුවන් මෙ රට ආරක්ශා කරගන්න ඔනෙ කකුල් දෙකෙ නැට්ට නැති රිලවුන්ගෙන් එ රිලා පලුව කවදාවත් පියෙවන්න බැරි වේ.
දැන් එතකොට ඔය රිලව් ලක්ශෙ චීනෙට ඇරියම ඔය රිලා ප්‍රශ්නෙ ඉවරද?????