IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කුණාටුවකට හසුවූ ධීවරයන් 6 ක් නාවික හමුදාව බේරාගනී

(යොහාන් භාසුර,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ තුසිත ද සිල්වා)

බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අනතුරට පත් ධීවරයක් හයක් බේරාගත් බව නාවික හමුදාව පවසයි.

ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාවෙන් නිරුපද්‍රිතව බේරාගත් බවත් එම බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බවත් නාවික හමුදාව කියයි.

එම යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හය දෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කළ බව කී නාවික හමුදාව මුදවාගත් ධීවරයින් පිරිස මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද සඳහන් කළේය.



අදහස් (2)

කුණාටුවකට හසුවූ ධීවරයන් 6 ක් නාවික හමුදාව බේරාගනී

මහදැනමුත්තා Sunday, 14 May 2023 03:01 PM

මේ දවස්වල එක දිගටම කියනවා මුහුදු යන්න එපා කියලා. මොවුන් අමු හරක්නේ කියන සිංහල තේරෙන්නේ නැති...

:       2       4

Bunny Preena Monday, 15 May 2023 12:28 PM

ආණ්ඩුව ධීවරයින්ට මුහුදු යන්න එපා කියලා... නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එම කාලයට ධීවර පවුල්වල අයව නඩත්තු කරන්නට අවශ්‍ය කෑම බීම සපයන්න ක්‍රමවේදයක් සලස්වන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site