
(යොහාන් භාසුර,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ තුසිත ද සිල්වා)
බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අනතුරට පත් ධීවරයක් හයක් බේරාගත් බව නාවික හමුදාව පවසයි.
ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාවෙන් නිරුපද්‍රිතව බේරාගත් බවත් එම බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බවත් නාවික හමුදාව කියයි.
එම යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හය දෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කළ බව කී නාවික හමුදාව මුදවාගත් ධීවරයින් පිරිස මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල එක දිගටම කියනවා මුහුදු යන්න එපා කියලා. මොවුන් අමු හරක්නේ කියන සිංහල තේරෙන්නේ නැති...
ආණ්ඩුව ධීවරයින්ට මුහුදු යන්න එපා කියලා... නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එම කාලයට ධීවර පවුල්වල අයව නඩත්තු කරන්නට අවශ්‍ය කෑම බීම සපයන්න ක්‍රමවේදයක් සලස්වන්න ඕනේ...