(යොහාන් භාසුර)

ජාත්‍යන්තර ගිනිභට දිනය යෙදී ඇති අද (14) දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කළ විහේෂ සංදර්ශනයක් අද පෙරවරුවේ කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

ගිනි නිවීමේ රථ පෙළපාලියකින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණි ගිනි නිවන නිලධාරීන් එහිදී සංදර්ශනය පැවැත්වීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)