
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525 (රුපියල් බිලියන 165ක් පමණ) ක පාඩුවක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා කර්මාන්තයට හොඳ කලක් උදා වුවත් එම වසරේ පාඩු ලැබූ ගුවන් සේවා තිබෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන් එක් සේවයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් පාඩු ලැබුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලංකාවට අභිමානයක්, ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයට පවරා ගත්තේ ලංකාවට අභිමානයක් ගෙන ඒමට... අපි සියලු දෙනාම මෙයට විරුද්ධ විය යුතුයි.
කරුණාකර මේක වහලා දාන්න.
මැඩමූලන්ස් සමූහ ව්‍යාපාරය සහ සිරිකොත් සමාගම එක්ව පාලනය කරන සිරිලංකා ගුවන් සමාගමෙන් පාඩු වුණාට ඒ ගොල්ලන්ගේ අනිත් සමාගම් වලින් අධික ලාබ උපයනවාලු. ඒ ලාභ වලින් තමයි මේ රටේ දහසකුත් එකත් ප්‍රශ්න විසඳලා මිනිසුන්ට තුන්වේල බඩ පිරෙන්න කෑම බීම ටික සපයා දීලා සතුටෙන් තියන්නේ...
ඒකෙ යන එන කවුරුවත් මුදල් නොගෙවා යන්නෙ නෑනේ... හොරකම්, දූෂණ ඇත්තේ ඇතුළේම තමයි. රටේ එකම ජාතික ගුවන් සේවය වෙනත්... රටකට විකිණෙනවාට කවුරුත් කැමැති නෑ. නමුත් වෙන්න යන්නේ ඒක... හැම රාජ්‍ය ආවර්තනයක් ඇතුලේම හොරු ගොඩ ගැහිලා...
පාඩු ලබනවිට කලයුත්තේ වසා දැමීමද. පෙට්ටිකඩේ මුදලාලිවත් එහෙම කරන්නෙ නෑ. මෙතන වෙන්න ඕන නාස්තිය දූෂණය වැලැක්වීමයි. ඒක කරන්න දන්න කෙනෙක් දියවන්නාවෙ නම් නෑ. එමිරේට්ස් සමග ලාබ ලැබූ අන්දම සොයා බලන්න බැරිද. කළමණාකරණ උපදෙස් දෙන ආයතන නැද්ද. නැතිනම් කළමණාකරනය පෞද්ගලික ආයතනයකට පවරන්න බැරිද. උවමනාව ඇත්නම් කල නොතැකි දෙයක් නැත.
රුපියල් බිලියන 165 ක් ? ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව, දුම්රියට ලංගමෙට අමතර කොටස් නැතුව අද මිනිස්සු කොපමන දුක් විදිනවද ? පින් සිද්ධ වෙයි ඔක වහල දමන්න.
සිල්පද දෙසිය ගණනක් රකිමින් මෙම විහාරාධිපති සාදු සැදැහැවතුන්ගේ නිවන මූලික වූ ධර්මාවබෝධය පිණිසම කරන්නා වූ මහා වෙන්දේසිය නාට්‍ය සහ සංගීත තරගයේ පිං මටද අනුමෝදං වේවා...!
දැන් ඉන්න ගුවන් ඇමැතිගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ගුවන්යානා ටික ඉතුරු වුනොත් ඇති තව ටික දවසකින්...
එමිරේට්ස් ගුවන් සේවය තමන්ගේ ස්ටාෆ් එකට මාස 06ක බෝනස්, සැලරි වශයෙන් මේ 2023 ගෙවනවා. හොරකම් සහ වංචාවල් නැති කණ්ඩායමක් නිසා අද ලාභ ලබලා සේවකයින්ටත් බෙදනවා. ඒකට අපේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් එකට දෙවියන්ගේම පිහිටයි.
හොරකම හැර කිසිවක්ම බැරි කාලකන්නින්ට ආයතන පාලනය දීමේ විපාකය... වරදට දඬුවම් නැති රටක නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන තුරු රාජ්‍ය ව්‍යවසාය නතර කරන්න. පෞද්ගලික අංශයට ව්‍යාපාර කටයුතුවල යෙදෙන්න ඉඩදෙන්න...
අපිනම් නිකන් ටිකට් ගත්තේ නැහැ... මේ කාලකණ්ණි දේශපාලකයින් තමයි මේක විනාශ කළේ...!
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ හිටියා නම් මේ වෙනකොට කටුනායක, මත්තල වගේ ගුවන් තොටුපලවල් දහයක්වත් හදලා...