(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුවියක මියයෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නීතිවිරෝධීව" ඉදිකර ඇති බැවින් ඊට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
එම හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකරන ලද එකක්දැයි යන්න කඩිනමින් විමර්ශනය කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාට නියෝග කර තිබුණි.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලය විසින් අදාළ හෝටලය පිළිබඳව විමර්ශනය කර මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.
2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර ඇති අතර මේ වනවිට එය ලැඟුම්හලක් සහ ආපනශාලාවලක් වශයෙන් පවත්වාගෙන යන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
මෙම පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගොඩනැගිල්ල ඉදිකිරිමේදී අනුමත උපරිම බිම් කට්ටි සැලැස්ම ඉක්මවා ඇති බවයි.
එමෙන්ම ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල නොවීම,පිටුපස අවකාශය ආලෝකය හා වාතාශ්‍රය සදහා වන රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවද අදාළ පරීක්ෂණ වාර්තාවේ සදහන්ව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දැරිය පැන්න හෝටලයට නඩු
prasanna Sunday, 14 May 2023 01:09 PM
නඩු දාන්න ඕනෑ ඔය ගොඩනැගිල්ල ගහන්න අවසර දුන්නු එකට...
fairoos Sunday, 14 May 2023 03:15 PM
මෙවැනි ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි පරීක්ෂණ. ඇමැතිතුමාට කීයක් හරි දුන්නොත් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන් වෙයි නේද?
ආසිරි Sunday, 14 May 2023 05:56 PM
අපෝ නගර සභාවල ටීඕ මහත්තයාට ගාණ දුන්නම ඕනේ එකක් අනුමත කරගන්න පුළුවන්..
N.jayakody Sunday, 14 May 2023 06:10 PM
මම හිතන් හිටියේ කැකිල්ලේ කියන්නේ ප්‍රබන්ධයක් කියලා...!