
(අමදෝරු අමරජිව)
සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවූහ.
විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය රැගෙන මීට වසර 270කට පෙර සියම් දේශයෙන් රුවල්නැව් මගින් ත්‍රිකුණාමලයට ගොඩබැස දිනක් විවේකගත් ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිසක් තාවකාලික කුඩාරමක් ඉදිකර තවත් පිරිසක් සමග විරෝධතාවයක නියැලුණි.
සියම් හිමිවරුන් රුවල්නැව් මගින් ගොඩබැස ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට ඇති පුරාවිද්‍යා භූමියට පැමිණිම අතීතය සිහිපත් කරමින් සියම් හිමිවරුන් පිරිසක් නාවික යාත්‍රා මගින් ත්‍රිකුණාමල පැරණි වරායෙන් ගොඩබැස අද (14) පුරාවිද්‍යා භුමියට පැමිණ සැමරුම් පිංකම පැවැත්විමට කටයුතු කර තිබු අතර එම පිංකම අවලංගු කෙරිණි.
ඒ අනුව නාවික යාත්‍රා මගින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල වරයා පොලිස් පරිශ්‍රයේ පිහිටි ජැටියෙන් ගොඩබැස බස්රථ මගින් දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමලය ජයසුමනාරාමයට රැගෙන ඒමට සංවිධායකයන්ට හා ආරක්ෂක අංශ වලට සිදුවිය.
සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය දිසාපති බි.එච්.එන්.ජයවික්‍රම මහතා විසින් පිළිගනු ලැබිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේට හැදෙන ජාතියක් නෙවෙයි. ඔවුන් දන්නේ නැහැ බුදු හාමුදුරුවෝ ඔවුන්ගේ මුල් රටේ ඉපදුණා කියලා...
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියන්නේ තනිකරම කොටියෙක්... ඒ කාලේ ප්‍රභාකරන්ගෙන් රන්කාසි තෑගි ගත්තු මිනිහෙක්... මේ මිනිහා ජීවත් වෙන්නේ කොටි සන්ධානය කියන මළකුණ විකුණ විකුණ තමයි.
ඔන්න ඔවුන් ඉල්ලන සහජීවනය. ඉඩක් ලැබුණද පුල්ලි එළියට එනවා...
තරහ ගන්න එපා... සහජීවනයට හානිවෙයි.
අද ලංකාවේ ආගමික සහ සංස්කෘතික නිදහස නැතිවෙලා තියෙන්නේ මොන ජනවර්ගයාටද කියලා මේ සිද්ධිවලින් තහවුරු වෙනවා.
අපේ පිං ජනාධිපතිතුමා කීවා මතක නැද්ද පුරාවිද්‍යා ස්ථාන ගැන. දැන් ඉතින් සහජීවනේ දෝර් ගලනවා. තව ඉස්සරහට හොඳටම තියෙයි. NGO කුක්කොත් සෑහෙන්න උදව් කරයි හොඳේ...
මේ රටේ බොහෝ ජාතිවාදී උසිගැන්වීම්වලට මුල්වී ක්‍රියාකරන්නේ බොහෝවිට දේශපාලනඥයින්. ඒත් ඒ සම්බන්ධව ඔවුන්ට නිසි දඬුවම් නැහැ...
සිංහල පළාත්වල කෝවිල් ඕනෑතරම් හදනවා. කවුරුත් විරුද්ධ නැහැ. මොවුන්ගේ කටවල්වලට හෙණම ගහන්න ඕනේ...
අපේ දේශපාලන පක්ෂවලට ඉතින් බෙදා තියෙන තරමට වැඩිවන තරමට හොඳයිනේ... ඉතින් වඩාත්ම ප්රමුඛ ස්ථානයක් ගන්නේ ආගම් භේද සහ ජාති භේද...
බෞද්ධයින් නිවටයින් කරලා. සූදානම් වෙලා නැවත උපසම්පදා උත්සවය පටන් ගනිමු. හාමුදුරුවන් උත්සවය ගැන කලින් අපිට දැනුම් දෙන්න. අපි එන්නම් සූදානම් වෙලා...