(ඩී.ජී.සුගතපාල)
නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු ඊයේ රාත්‍රි සිට අතුරුදහන්වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්වි ඇත්තේ අවුරුදු 01 මාස 03 අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙකි.
මෙම ළමයන්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටියදී ඊයේ රාත්‍රි සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් 119ට දන්වා ඇත.
අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි නෙළුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදහන් වෙලාද? අතුරුදහන් කරලද? දෙමව්පියන් යැයි කියාගන්නා අයගේ අනුදැනුම සිදුවුණු දෙයක්දැයි සැක සහිතයි. හොඳින් පරීක්ෂා කර බැලිය යුතු කරුණක්...