(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෑලියගොඩ දිසා රථ වාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සතු ඒ. ටී. එම්. කාඩ්පත රහස්‍ය අංකය ද සමග සොරාගෙන රුපියල් 22,000 ක මුදලක් වංචාවෙන් ලබා ගැනීම සහ එම රථ වාහන අංශයේම රාජකාරි කරන තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ රුපියල් 3,800ක් වටිනා ජංගම දුරකථනය හොරා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ද පෑලියගොඩ දිසා රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බව පොලීසිය කියයි.
ඒ.ටී.එම් කාඩ් පතේ හිමිකාර පොලිස් කොස්තාපල්වරයා සහ ජංගම දුරකථනයේ අයිතිකාර පොලිස් කොස්තාපල්වරයා කරන ලද පැමිණිලි අනුව පරීක්ෂණ පවත්වා මෙම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අලූත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙම පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස් යාළුවන්ගේ මුදල් සොරා ගත් පී.සී මාට්ටු