(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෑලියගොඩ දිසා රථ වාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සතු ඒ. ටී. එම්. කාඩ්පත රහස්‍ය අංකය ද සමග සොරාගෙන රුපියල් 22,000 ක මුදලක් වංචාවෙන් ලබා ගැනීම සහ එම රථ වාහන අංශයේම රාජකාරි කරන තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ රුපියල් 3,800ක් වටිනා ජංගම දුරකථනය හොරා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ද පෑලියගොඩ දිසා රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බව පොලීසිය කියයි.
ඒ.ටී.එම් කාඩ් පතේ හිමිකාර පොලිස් කොස්තාපල්වරයා සහ ජංගම දුරකථනයේ අයිතිකාර පොලිස් කොස්තාපල්වරයා කරන ලද පැමිණිලි අනුව පරීක්ෂණ පවත්වා මෙම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අලූත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙම පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd