
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රවීන්ද්‍ර නෙත්තසිංහ)
මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ පිහිටි වගා බිමක් ඉස්මත්තේ පිහිටි වතුර පිරී ගිය වළක තිබී සොයා ගත් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇත්තේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙන් බවට පරීක්ෂණවලින් තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පසු පුද්ගලයන් සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක පැටලී පුද්ගලයන් දෙදෙනකුට මරණය සිදුකිරීම සම්බන්ධයෙන් යැයි පොලිසිය පවසයි.
සතුන් දඩයම් කිරීමට විදුලිය රෑන ඇඳ තිබුණේ එම සැකකරු යැයිද පොලිසිය කියයි.
අනිත් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම පුද්ගලයන් දෙදෙනාට අතින් පයින් පහර දීම සම්බන්ධයෙන් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයටපැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ වල්පාලුව ප්‍රදේශ පදිංචිව සිටි විසි තුන් හැවිරිදි ඉසුරු ලක්ෂාන් සහ 34 හැවිරිදි අනුරාධ අසංක නැමැති දෙදෙනෙකි.
අනුරාද නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරමින් සිටියදී සේවය හැර ගොස් සිටි හැර ගොස් සිටි කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පෙරේදා පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
මියගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයා ඇතුළු සිවුදෙනකු යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පාලුව ප්‍රදේශයට ඉකුත් දොළොස් වෙනි දා රාත්‍රී කාලයේ පැමිණ ඇත.
එම ප්‍රදේශයේ පිහිටි වගා බිම් වල සවි කර ඇති වතුර මෝටර සහ ට්‍රැක්ටර් රථවල රෝද ගැලවීමට මොවුන් සිව් දෙනා පැමිණ ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මේ අවස්ථාවේ ගම්මුන් පිරිසක් මොවුන් සිව් දෙනා අල්ලාගෙන ඔවුනට පහරදීමක් සිදුකර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
ගම්මුන් ගෙන් මිදී මොවුන් සිව්දෙනා පලා යන අවස්ථාවේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී මියගොස් ඇති බව පරීක්ෂණවලින් කරුණු අනාවරණය විනි යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
මොවුන් දෙදෙනා මිය යෑමෙන් පසු සිරුරු ඔසවාගෙන ගොස් වතුර පිරී තිබූ වළට දමා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම ප්‍රදේශයේ පහුගිය කාලයේ වරින් වර වතුර මෝට හොරා ගෙන යෑම කිහිපයක්ම සිදුවී තිබූ නිසා ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් ඒ ගැන විමසිලිමත්ව සිට ඇතැයිද කියති.
විදුලිසැර වැදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වව්නියාව ,ඕමන්ත විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කරමින් සිටි අයෙකි.
බිරිඳ මිය යෑමෙන් පසු විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා දරු තිදෙනා ද බලාගෙන සේවයට නොගොස් නිවසේ ගත කර සිටිමින් අයකු බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ට්‍රැක්ටර් රථවල රෝද සහ වතුර මෝටර් ගැලවීමට පැමිණ පලාගිය අනිත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මතකුරුණෑගල පොලිස් අධිකාරි අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වාරියපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත පෙරේරා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල වරදට දෙයියෝ දුන්න දඬුවමක්. තම දේපල ආරක්ෂාව පොලිසිය නොකරන කල මහජනතාව ඒක කරන්න උත්සාහ කිරීම වැරදිද?. හොරාත් පොලිස්කාරයෙක්....