
(ප්‍රදීප් කුමාර)
වවුනියාව නගරයේ ධවනය වෙමින් තිබු යතුරු පැදියක් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් නිරුපද්‍රිතව මෙම අනතුරින් බේරි ඇත.
අදාල යතුරු පැදිය ගිනි ගන්නා අවස්ථාවේ එහි අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ කුඩා දරුවාද එහි ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් වහාම යතුරු පැදියෙන් ඉවතට පැන ගින්නෙන් බේරි තිබේ.
අවට සිටි පිරිස් එක්ව යතුරු පැදියේ හට ගත් ගින්න පාලනය කර ඇති අතර යතුරු පැදියේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට විශ්වාස කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd