(අංජුල මහික වීරරත්න)
ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබා දුන්නේය.
දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත් ,විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත්, නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී තිබුණි.
මේ අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද මහතා ද එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හිතවතෙකුගේ නිවාස ළගින්ම තියෙන කුඹුරේ බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපීමට අවසරයක් මැණික් හා සම්බන්ධ අධිකාරිය නිකුත්කර තියෙනවා එහෙම පතල් කැපීමක් සදහා අනුමැතිය දෙන්න පෙර දැන්වීමක් ප්‍රශිද්ධ කලයුතු වුනත් කලේ නැතිලු අධිකාරියේ කිසිම කෙනෙක් එම ස්ථානය පරීක්ෂා කර නැහැ ඉඩම අයිතිකරු ඉඩම කලුද සුදුද කියලා දන්නෙත් නැහැලු නිවාස රාශියක් මැද මෙහෙම පතල් කැපුවම නිවාස විනාශ වෙන්න පුළුවන් කියලා ළදරුවෙකුට වුනත් තේරෙනවා ඒ වගේම මීටර් 300 ක් පමණ දුරින් නිතර නාය යාමට ලක්වෙන කන්දක් තියෙනවා එහි පාමුලත් නිවාස රාශියක් තියෙනවා ඒවාත් පතල් කැපීමට යෝජිත ප්‍රදේශයේ නිවාස වලට සිදුවියහැකි අනතුරු වෙනුවෙන්ද වන්දි ගෙවීමට සැලසුම් කරනවානම් ඉතාමත් හොදයි
මුල් පුටුවේ දේශපාලන පඹයෙක්. බදු මුදලින් යැපෙන කෙනෙක්... තුක් නොදකින්...