කොරියා තානාපති ජනපති හමුවෙයි සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 07 April 2023
මහා සිකුරාදා අදයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ‘මහා සිකුරාදා’ දින සැමරීම සඳහා රටපුරා දේවස්ථානවල දේව මෙහෙය සහ වැඩසටහන් අද (7) පෙරවරුවේ ශු. කාර්මෙල් දේවමාතා දේවස්ථානයේදී පැවැත්විණි. 07 April 2023
වෘත්තීය පුහුණුවේ අරුමපුදුම ගෙවීම් ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරුන් කිසිදු අමතර දීමනාවක් හෝ මූල්‍යමය ප්රතිලාභ නොගත යුතු බවට චක්‍රලේඛ විධිවිධානවල සඳහන්ව තිබියදී ඊට පටහැනි ලෙස හිටපු සභාපතිවරයකුට 2020 වර්ෂයේදී ඉන්ධන දීමනා ලෙස රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක්ද බාහිර ගමන්බිමන් ආහාර සහ හෝටල් ගාස්තු වශයෙන් තවත් ලක්ෂ 4 කට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 07 April 2023
පෙර පාසල් ටීච ගෙල කපා මරලා පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි. 07 April 2023
විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු මුදලක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මසක් තුළ මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය 2021 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ. 07 April 2023
කිව්.ආර්. කැඩූ අයි.ඕ.සී. පිරවුම්හල්වලටත් වැඩ වරදී කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කළ ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන අළෙවිය අත්හිටුවීමට කටයුතු කළ බව එම සමාගම පවසයි. 07 April 2023
‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘ නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි. 07 April 2023
පොලිස්පති සේවා දිගුවේ ගැසට්ටුව එළියට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීය. 07 April 2023
පාසල් ළමුන්ට ගෑස් ගැන පාඩමක් ගෑස් භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව ඊළඟ පරම්පරව දැනුවත් කිරීමේ අරමුණින් ‘හෙට සුරකින අපේ ළමයි’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 07 April 2023
පදික වෙළෙඳ ගැටලු විසඳන්න කමිටුවක් සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 07 April 2023
දරුවන් 8 කගේ පංචායුධ වලට විද්ද කත අල්ලයි පෙර පාසලට ගොස් හඩන දරුවන් සනසා දී රහසේම එම දරුවන්ගේ රන් පංචායුධ සොරා ගැනිමේ නිරතව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය අද (07) අත් අඩංගුවට ගත් බව කියයි. 07 April 2023
කෘෂි නිලධාරීන්ගේ රට ගමන් නවත්වයි කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 07 April 2023
සීයා-ආච්චී ඝාතනයේ මුණුපුරා අල්ලයි ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද්ධ මිත්තනිය සහ මුත්තණුවන් ඝාතනයේ සැකකාර මුනුපුරා ද්විත්ව ඝාතනයෙන් අනතුරුව පලාගොස් උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි . 07 April 2023
ඔන්චිල්ලාව දරුවාට මරු කැඳවයි ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි. 07 April 2023
නිදන් හෑරු හතරක් මාට්ටු බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිදන් ගැනීමේ අදහසින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සිව්දෙනකු කැනීම් උපකරන සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 07 April 2023
තෙහෙට්ටුවට මග නතර වූ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා සාදයකට ගොස් එමින් සිටියදී නිදිමත නිසා යතුරුපැදිය නවතා නිදාසිටි යුධ හමුදා කපිතාන් වරයෙක්ගේ යතුරුපැදියක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි . 07 April 2023
පළාත් රැසකට සවස තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (7) දිනයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2023
රුසියානුවා සුද්දාට ගහලා උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 07 April 2023
රාජ්‍ය සේවා කොමිසම පත් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජික සාමාජිකාවන් පත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මෙම පත් කිරීම් කර තිබෙි. 06 April 2023
ගම් දෙකක ධීවරයෝ ගැටී 6 ක් රෝහලේ ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් තිරුකඩලූර් හා ඊට යාබද විජිතපුර යන ගම්මාන දෙකේ ධිවරයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් ධීවරයන් 6 දෙනෙකු ත්‍රි‘මලේ රෝහලට ඇතුළත් කර ඇති බව ත්‍රි‘මලේ පොලිසිය පවසයි. 06 April 2023
ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් ප්‍රසාදය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 06 April 2023
ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් ලිඛිත ප්‍රකාශයක් ඕනෑ ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 06 April 2023
ලංකා සතොස බඩු මිල බහී ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 06 April 2023
ලොකුම කුඩු සිද්ධියේ සැකකරුවෝ නිදොස් කොට නිදහස් ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි චෝදනාවල පැමිණීල්ල දෙදරා ගොස් ඇතැයි ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ 05 දෙනාම අද (06) නිදොස් කොට නිදහස් කළේය. 06 April 2023
උඩරට මාර්ගයේ දුම්රිය පිලී පැනලා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර අද (6) පස්වරු 05.00 ට පමණ පීලී පැනිමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 06 April 2023
ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන ජර්මනියෙන් සහතිකයක් ශ්‍රී ලංකාවෙි ව්‍යාපාර ගොඩ නැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් (Marie Antonia von Schönburg) මෙනවිය දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවසීය. 06 April 2023
ආනයන සීමා ලිහිල් කිරීම මහ බැංකුව වගකීමෙන් සිදුකළ යුතුයි ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතුයැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 06 April 2023
එංගලන්ත යුවළගේ ලක්ෂ 10 ක සල්ලි-දේපොළ සොරාගෙන වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව ( ලොකරය) ඊයේ (5) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි 06 April 2023
ඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි. 06 April 2023
රාජිත අවුරුද්දට කලින් වෙඩිල්ලක් පත්තු කරයි ජනාධිපති ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න ’’අපි අන්ධයන් දැයි’’ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 06 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026