අඹේපුස්ස දුම්රිය ස්ථානය සංරක්ෂණය කරයි
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉදිකළ, ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් සහිත අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ගරා වැටෙමින් පවතින පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිලි ඇතුලු පරිශ්‍රය කඩිනමින් සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.