ද්විත්ව පුරවැසිභාවය ගෙනාවොත් 22ට සහය නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී අනවශ්‍ය සංශෝධන එක් කළහොත් එයට පක්ෂව ඡන්දය භාවිතා නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 21 October 2022
අභ්‍යවකාශයට සංචාරකයන් ගෙනයන්න සියල්ල සූදානම් හෙලෝ ස්පේස් අභ්‍යවකාශ සංචාරක සමාගම 2025 වසරේ සිට බැලූනයක් ආධාරයෙන් සංචාරකයින් අභ්‍යවකාශයට රැගෙන යාමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. 21 October 2022
25 දෙමළ පාසල් නිවාඩු දීපවාලී උත්සවය නිමිත්තෙන් දෙමළ මාධ්‍ය පාසල් මෙම මස 25 වැනි දා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 21 October 2022
20ට ඡන්දෙ ගත් දා ගීතා මැතිසබේ පුස්තකාලයේ හැංගිලා විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 October 2022
මුල්ලේරියාව - අහුන්ගල්ල සැබෑ වෙඩික්කරු මාට්ටු මුල්ලේරියාව සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලදී පුද්ගලයන් ඉලක්කමින් පසුගිය කාලයේ වාර්තා වූ වෙඩි තැබීම් සිද්ධිවල සැබෑ වෙඩික්කරුවන් යැයි කියන සැකකරුවන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හදුනාගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි. 21 October 2022
විදුලි ගාස්තු සෙසු රටවල් සමඟ සසඳන්න යෝජනාවක් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය. 21 October 2022
රේගුවෙන් ඇල්ලූ හමර් රථය වෙන්දේසියේදී ආනයනයකරුටම දීලා රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දෙසීයේදී ආනයනයකරුවාටම ලපාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත. 21 October 2022
හොරෙන් කෑලි ගෙනත් ජිප් රථයක් හැදූ ව්‍යාපාරිකයා මාට්ටු නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබු රුපියල් ලක්ෂ 80ට අධික වටිනා ජිප් රථයක් ව්‍යාජ අංකයන් සවිකර ධාවනය කරවමින් සිටි ව්‍යාපාරිකයකු දැරණියගල ප්‍රදේශයේ පානදුර වලාන මාධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 21 October 2022
සබරගමු සරසවි සිසුවා නිදි ඇඳේම මියයයි සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ සිසුවකු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක නිදා සිටියදීම අද (21) අලුයම මරණයට පත්ව ඇති බව වාර්තාවේ. 21 October 2022
කුකුළු මස් මිල අඩු වෙයි කුකුළු මස් මිල රුපියල් 500 කට ආසන්න මුදලකින් පහත දමා ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. 21 October 2022
පාසල්වල දෙවන හා තෙවන වාර ගැන නිවේදනයක් මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පහත පරිදි පැවැත්වෙන දින අනුව පාසල්වල දෙවන හා තෙවන වාරය සංශෝධනය වන ආකාරය දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. 21 October 2022
ඉදිකිරීම් ක්ෂෙත්රයේ ගැටලු ගැන ජනපති අවධානයට ඉදිකිරීම් ක්ෂේත්රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය. 21 October 2022
මන්ත්‍රී අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක් සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවෙදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 October 2022
22ට උදව් කරන හේතුව සජිත් කියයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්නේ 22 තියන නිවැරදිම විසඳුම නිසා නොවඑය 20ට වඩා හොඳ නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2022
රාජ්‍ය ඇමැති ඉන්ධන සහානයට එරෙහි පෙත්සම ලබන 2 විභාගෙට රාජ්‍ය අමාත්‍යවරුන්ට සුවිශේෂ ඉන්ධන දීමනා සහ අනිකුත් දීමනා රැසක් ලබා දීමට නියම කරමින් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න සහ ව්‍යාපාරිකයෙක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් දෙවැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 21 October 2022
ආයතන දෙකක ලොක්කෝ ජාතික සභාවට කැඳවෙති ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ. 21 October 2022
පාන් මිල බස්සන හැටි සභාපති කියයි තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කළොත් පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. 21 October 2022
ජලය මත යා හැකි විදුලි යතුරු පැදියක් ජලයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් පැදිය හැකි විදුලි බයිසිකලයක් හඳුන්වාදීමට නවසීලන්තය පදනම් කරගත් මන්ටා 5 සමාගම කටයුතු කර තිබේ. 21 October 2022
ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් දෙන්න ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 21 October 2022
මහකොළඹ ආර්ථික කොමිසමෙි නීති යළි සක්‍රීය කරනවා ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 October 2022
ඛනිජ තෙල් පනතට කතානායකගේ සහතිකය ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සහතිකය සටහන් කළේය. 21 October 2022
අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 21 October 2022
පොලිසියෙන් කෝටියක් ඉල්ලා පෙත්සමක් සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබිණි. 21 October 2022
ජනපති කාර්යාලයට හානි කළ හතරක් අඟුණකොලෙන් මාට්ටු ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් හතරදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 21 October 2022
අද දවස ගැන කාලගුණය කී දේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2022
සරසවි ඇදුරන් 189 ක් කෝටි 93 ක් නැතිභංග කරලා විශ්වවිද්යාගල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්යායපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2022
නොවැම්බර් අග බණ්ඩි පෝර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 20 October 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වේ බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 October 2022
සුරියකන්ද - රක්වාන මාර්ගය සංවර්ධනයට කෝටි 560 ක් සංචාරක හා කෘෂිකර්ම වශයෙන් ඉහළ ආකර්ෂණයක් සහිත සුරියකන්ද - රක්වාන මාර්ගය රුපියල් කෝටි 560 කට අධික මුදලක් වැයකරමින් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ. 20 October 2022
ජල බිල්පත් ගෙවා නැති පාසල්වල වතුර කපන්නේ නෑ ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් අද (20) අත්හිටුවා තිබේ. 20 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025