අද දවස ගැන කාලගුණය කී දේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2022
සරසවි ඇදුරන් 189 ක් කෝටි 93 ක් නැතිභංග කරලා විශ්වවිද්යාගල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්යායපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2022
නොවැම්බර් අග බණ්ඩි පෝර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 20 October 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වේ බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 October 2022
සුරියකන්ද - රක්වාන මාර්ගය සංවර්ධනයට කෝටි 560 ක් සංචාරක හා කෘෂිකර්ම වශයෙන් ඉහළ ආකර්ෂණයක් සහිත සුරියකන්ද - රක්වාන මාර්ගය රුපියල් කෝටි 560 කට අධික මුදලක් වැයකරමින් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ. 20 October 2022
ජල බිල්පත් ගෙවා නැති පාසල්වල වතුර කපන්නේ නෑ ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් අද (20) අත්හිටුවා තිබේ. 20 October 2022
නිමල් ගැන ආරම්භ කළ අල්ලස් කොමිසමේ පරීක්ෂණ ලිපිගොනුව වසාදැමෙයි ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. 20 October 2022
අල්ලස් ගත්තැයි චෝදනා ලැබ සිටි නීතීඥ ශාන්ත නිදොස් කොට නිදහස් දරු දෙදෙනාට රජයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000/= ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ශාන්ත ප්‍රේමරත්න මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය. 20 October 2022
නාවික හමුදාවෙන් සෞඛ්‍යයට තිළිණයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාතයංශයට ප්රදානය කළේය. 20 October 2022
කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය නෑ කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (22 වැනිදා) රාත්‍රී සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 20 October 2022
විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමට රජය උත්සාහ කරන බව කියමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන අද (20) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළේය. 20 October 2022
“ඉටුකම’’ අරමුදල වසා දැමේ ඉටුකම “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ජනාධිපති කාර්යාලය පවසයි. 20 October 2022
රට බංකොලොත් කළ කෙනා ඉන්න ඕන පන්සලක රට බංකොලොත් කළ පුද්ගලයා හරිනම් සිටිය යුත්තේ රජයේ නිල නිවාසයක නොව පන්සලක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2022
ශ්‍රීලනිපයත් 22 සහය දෙයි 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ‘සුපිරි 12’ වටයට එයි ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් විය. 20 October 2022
ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 20 October 2022
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2022
ගිණුම් වාර්තා නොදුන් ආයතන ප්‍රධානීන් මැතිසබයට කැඳවන්න මෙතෙක් ගිණුම් වාර්තා ඉදිරිපත් කර නැති රජයේ ආයතනවල ප්‍රධානීන් අයවැයට පෙර පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. 20 October 2022
පාපන්දු නිලවරනය තියන්න පොරොන්දු වෙයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය. 20 October 2022
සජබ 22ට සහය පළ කරයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 October 2022
බන්ඩි පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක් මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි. 20 October 2022
මෝදි ආපසු පාසලේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය. 20 October 2022
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමැති අස්වෙයි අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අද (19) ඉවත් විය. 20 October 2022
මාධ්‍යවේදීන්ගේ තේ කෝප්පයත් සිවු ගුණයකින් ඉහළට මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවෙන් සැපයුණු තේ වෙනුවෙන් අය කෙරෙනු මුදල සිවු ගුණයකින් ඉහළ දමා ඇත. 20 October 2022
වැස්ස තවත් වැඩි වෙන හැඩ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද (20) සහ හෙට (21) දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2022
අන්ධ පුද්ගලයාගේ සමෘදිය කපලා උපතින්ම දෑස් නොපෙනෙන පුද්ගලයකුට වසර විස්සකට අධික කාලයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් දීමනාව ඔහු පොල් කැඩිමේ රැකියාවක නියුතු අයකු බව සඳහන් කරමින් ව්‍යාජ වාර්තාවක් ලබා දී එම දීමනාව අහිමි කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වේ. 20 October 2022
ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඇමෙරිකා අඛණ්ඩ සහාය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප බාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය. 20 October 2022
යූරියා ටෙන්ඩරයෙන් කෝටි 690 ක පාඩුවක් ලෝක බැංකු ආධාර යටතේ යූරියා ආනයනය සඳහා කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ටෙන්ඩරය ලබාදීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 690 ක අලාභයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා ගල්ෆ් වෙළෙඳ හා ආයෝජන මණ්ඩලයේ සභාපති මොහාන් පෙරේරා මහතා පැවසීය. 20 October 2022
පොරොන්දුවක් කැඩී බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති අස්වේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 20 October 2022
පිටි මිල 265 දක්වා පහළට ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 20 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025