ලොරි - ත්‍රිරෝද රථ ගැටී දැරියක් මරුට මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඒකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් දියණියක් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 17 April 2023
අයි.එම්.එෆ් යෝජනා විනිවිද නෑ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වසර හතරකින් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි අතර එසේ කිරීමට නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුණෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතු බවත් වර්තමාන නීති යටතේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය. 17 April 2023
අද දුම්රිය රැසක් අවලංගු කරයි දුම්රිය ධාවන වාර රැසක් අද (17) පෙරවරුවේ ද අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය පැවසීය. 17 April 2023
ගත්ත ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත. 17 April 2023
රිලව් රට යවන්නේ කැබිනට් නිර්දේශය ලැබුනොත් පමණයි චීනයට ලංකා රිලවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 April 2023
කොත්මලේඔයේ මසුන් අබිරහස් ලෙස මියගිහින් අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේඔයේ මසුන් ඊයේ (16) දින සිට හදිසියේ මියයන බවත්,එසේ මිය ගොස් ඇති මත්ස්යයි ආහාරට නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. 17 April 2023
පුනරුත්ථාපන රැඳවියෝ 9යක් පැන ගිහින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනකු අද (17)අලුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි . 17 April 2023
අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහි අධ්‍යායන කටයුතු ඇරඹීමට පියවරගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ’’ලංකාදීපයට’’ පැවසීය. 17 April 2023
පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ක් අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ (අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය 17 April 2023
දර්ගා නගරයේ ගින්නක් අලුත්ගම දර්ගා නගරය අඹගහ හන්දිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඡායාරූප ශාලාවක අද පෙරවරු 11ට පමණ හදිසියේ හටගත් ගින්නකින් එම ඡායාරූප ශාලාව මේ වන විට ගිනි ගෙන දැවෙමින් පවතින බව අලුත්ගම පොලිසිය කියයි. 17 April 2023
මොනරුන්ටත් වීසා දෙන්න රංගේ සූදානම් රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 17 April 2023
තුර්කියේ භූමි කම්පනයක් තුර්කියේ රික්ටර් මාපකයේ ඒකක 4 ක අගය ගත් භූමි කම්පාවක් අද (17) එරට වේලාවෙන් පෙරවරු 4.25 පමණ හටගෙන තිබේ.තුර්කියේ අෆ්සින් නගරයේ මෙම භූමි කම්පාව හටගෙන ඇත. 17 April 2023
අනතුරින් දෙදරු පියා මරුට මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයේ ඒ නවය මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී හවස සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා මියගොස් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි. 17 April 2023
රාජිතට දෙනවනම් රෝහිතටත් දෙන්න සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 17 April 2023
මෝටර් රථය පෙරළී විදෙස් කත මරුට ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීම නිසා එම මෝටර් රථයේ ගමන්ගත් විදේශීය කාන්තාවක් මිය ගොස් ඇයගේ දියණිය ද තුවාල ලබා ඇතැයි හෙම්මාතගම පොලිසිය පවසයි. 17 April 2023
වන විනාශය නොවැලැක් වූ නිලධාරියා ගෙදර ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 17 April 2023
පී.සී අවුරුද්දට ගෙදර ඇවිත් තාත්තාට ගහලා සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 17 April 2023
වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය සබරගමුව,බස්නාහිර,මධ්‍යම,දකුණු,වයඹ,ඌව සහ උතුරුමැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 April 2023
කැඩුනු යානය හෙට දිවයිනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය. 16 April 2023
අධිවේගයේ අනතුරු වැලක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු වැලකින් වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 16 April 2023
එජාපය සහ සජබ එක් කරන කපුකම අසාර්ථක වුණා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. 16 April 2023
තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් අතර පසුගිය 15 වැනිදා ඇතිවූ ගැටුමකින් 16 දෙනකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ, තබලගමුව පොලිසිය පවසයි. 16 April 2023
මුදල් රාජ්‍ය ඇමැති රිය අනතුරක මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි . 16 April 2023
ලෝකෙටම විවෘත අවුරුදු උළෙල 22 ගාලුපිටියේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරග වලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. 16 April 2023
අධික රස්නය සතුන්ටත් බලපාලා රට පුරා පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 16 April 2023
දුම්රිය රැසක් අවලංගුයි දුම්රිය රියදුරන් රැසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 April 2023
නෑගම් ගිය 5ක් රිය අනතුරින් රෝහලේ ත්‍රීරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි. 16 April 2023
ජපානය මෙරට ව්‍යාපෘති ගැන උනන්දුවෙන් ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත. 16 April 2023
නව පාසල් වාරය හෙට ඇරඹේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ. 16 April 2023
අතුරුදන් දරුවා ඇළෙන් හමු වේ අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව රංකැට ඇළේ තිබි අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි. 16 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026